වී අලෙවි මණ්ඩලය සල්ලිත් අරන් වී තොග දෙන්නෙ නැහැලු

Picture of අසංක

අසංක

වී අලෙවි මණ්ඩලය අලෙවිය සඳහා වී තොග නිකුත් නොකිරීම හේතුවෙන් මේ වනවිට අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරු චෝදනා කර සිටිති.

කැබිනට් තීරණයකට අනුව මෙසේ වී අලෙවි මණ්ඩලය වී තොග නිකුත් නොකිරීමට කටයුතු කර ඇතත් දැනටමත් රජයේ වී තොග අලෙවි කිරීම සඳහා ටෙන්ඩර් පටිපාටියට අනුකූලව කටයුතු කළ බව දිස්ත්‍රික් ලේකම්වරු පවසති.

ඒ සඳහා ගැණුම්කරුවන්ගෙන් මුදල් ද ලබා ගෙන ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා පවසයි.

එසේ වෙතත් වී අලෙවි මණ්ඩලයේ මේ පිළිබඳව පිළිතුරු දෙමින සඳහන් කර සිටින්නේ ජීවන වියදම් කමිටුවේ තීරණයක් අනුව මෙසේ වී තොග නිකුත් නොකරන බව ය.

ඒ, රටේ ආරක්ෂිත ආහාර තොග පවත්වාගෙන යා යුතු බැවින් රජයේ වී තොග අලෙවි නොකිරීමට ජීවන වියදම් කමිටුව ගත් තීරණයට අනුව ය.