රුහුණු විශ්ව විද්‍යාලයේ පීඨ තුනක් හෙට ඇරඹේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගියදා සිසු සේවක ගැටුමක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටි පීඨ තුනක් හෙට (17) යළි විවෘත කිරීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව විද්‍යා පීඨය, ධීවර, සාගර විද්‍යා හා තාක්ෂණ පීඨය සහ පශ්චාත් උපාධි පීඨය හෙට දිනයේ විවෘත කෙරෙනවා.

නේවාසිකාගාර පහසුකම් ලබා සිටින සිසුන් අද දහවල් 12 සිට නේවාසිකාගාර වෙත පැමිණිය හැකිය. විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කලහාකාරි ලෙස හැසිරෙමින් එහි දේපොළවලට හානි කර සේවකයින්ට පහරදීමේ සිද්ධින් කිහිපයක් වාර්තාවීම හේතුවෙන් සෙසු සිසුන්ගේ සහ සේවකයින්ගේ ආරක්ෂාව සඳහා වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට පසුගිය දා පියවර ගැනුණා.