විදුලි වැටලීම්වලින් ලංවිමට හත්කෝටියක ආදායමක්

නීතිවිරෝධී විදුලිය ගැනීම්වලට අදාළව පසුගිය 2022 වසරේ රට පුරා කළ වැටලීම්වලින් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් හත් කෝටි පනස් ලක්ෂයකට අධික අදායමක් ලබා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය අද(24) නිවේදනය කළේය. ලංකා විදුලිබල මණ්ඩලයේ ආයතනික ක්‍රමෝපාය අතිරේක සාමාන්‍යාධිකාරී ඉංජිනේරු.කේ.ඒ.කේ.කොලොන්නෙ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ. අදාළ නිවේදනය මෙසේය. 2022 වර්ෂයේ ලංකා විදුලිබල මණ්ඩලයේ…

ව්‍යාපාරික ප්‍රජාවට සහන අවශ්‍ය මොහොතක් !

මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී ඇති බවත් එහිදී සඳහන් කෙරිණි. කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ කාන්තා ව්‍යවසායකයන් ඇගයීමේ උත්සවයේදී ජනාධිපතිවරයා කළ මේ…

“13”වෙනි සංශෝධනය ප්‍රායෝගිකද ?

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මම එකඟ නොවෙමි. එය 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම පූර්ණ කොටසකි. නීතියකි. එම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේය. 1981 වර්ෂයේ පැවැත් වූ සංවර්ධන සභා ඡන්දවල දී ඇති වූ කලකෝලාහල සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ඒවායෙහි ප්‍රමාණවත් නියෝජනයක් නොලැබීම යන හේතු මත 1987 දී ඉන්දු-ලංකා ගිවිසුම ඇති කර ගන්නා ලද…

වෘත්තිය සමිති නායකයන් දෙදෙනෙක් අත්අඩංගුවට

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ ලේකම් ආනන්ද පාලිත සහ විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික යන දෙදෙනාව කොල්ලුපිටිය පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ආනන්ද පාලිත මහතා වත්තල පිහිටි ඔහුගේ නිවසේදීත් සංජීව ධම්මික මැල්ලවගෙදර පිහිටි ඔහුගේ නිවසේදීත් අත්අඩංගුවට ගෙන ඇත. විදුලි බිල වැඩි…

ඡන්දෙ තියන්න කොමිසම සල්ලි ඉල්ලයි

පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව අද (24) දින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිත ඉල්ලීමක් කිරීමට නියමිතව ඇත. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ඇතුළු කොමිෂන් සභාවේ නියෝජිතයෝ මෙම ඉල්ලීම ඉදිරිපත් කරති. මාර්තු 09 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සුදානමක් පවතින බවට තහවුරු නොවූ තොරතුරු මීට පෙර වාර්තා වී තිබිණි. කෙසේ…