නවතම පුවත්

ATM යන්ත්‍රවලින් මුදල් සොරාගත් විදේශිකයෝ දැලේ

අසංක

අසංක

ATM යන්ත්‍ර හැක්කර ඒ තුළ තිබෙන මුදල් සොරා ගැනීම්වල නිරතව සිටි විදේශිකයන් දෙදෙනක් ඇතුළු සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසිනි.

විදේශිකයන් දෙදෙනා බල්ගේරියානු ජාතිකයන් වන අතර ඒ අයගෙන් එක් අයෙකු කැනේඩියානු පුරවැසිභාවය ලබා සිටින්නෙක් බව අනාවරණය වී ඇත.

විදේශිකයන් හික්කඩුව, බද්දේගම සහ ගාල්ල කරාපිටියේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍ර හැක් කිරීමට ගොස් ඇත.

මෙම විදේශිතයන්ගෙන් කැනේඩියානු පුරවැසිභාවය ලබාසිටි බල්ගේරියානු ජාතිකයා පළායාමට ගුවන්තොටුපොල වෙත ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙත් බල්ගේරියානු ජාතිකයා කිරුලපනේදී අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

මෙම කණ්ඩායම සම්බන්ධ තවත් මෙරට පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ.ටී.එම්. යන්ත්‍ර හැක් කිරීමට යොදාගත් උපකරණය තිබී ඇත්තේ ඔවුන් අතය. එම උපකරණයද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්