නවතම පුවත්

Canon හා Metropolitan එක්ව , විසි වසරක අඛන්ඩ ජයග්‍රහණය සමරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

Interchangeable-lens හෙවත් හුවමාරු කල හැකි කාච සහිත ඩිජිටල් කැමරා සඳහා ගෝලීය වෙළඳපොලේ ප්‍රමුඛතම ස්ථානය වසර විස්සක් පුරා අඛණ්ඩව රැකගැනීමට කැනොන් (Canon) සමාගම සමත්ව ඇති අතර , එම ජයග්‍රහණය සැමරීමට Canon සඳහා මෙරට බලයලත් බෙදාහරින්නා වන මෙට්‍රොපොලිටන්ද (Metropolitan ) එක්ව සිටී .

ඒ අනුව ඩිජිටල් SLR කැමරා සහ දර්පන රහිත කැමරා ඇතුළු සියලුම interchangeable-lens ඩිජිටල් කැමරා සඳහා ගෝලීය වෙළඳපොලේ අංක එකේ ස්ථානය , 2003 වසරේ සිට 2023 වසර දක්වාම පවත්වාගෙන යාමට Canon සමාගමට හැකියාව ලැබී ඇත .
මීට අමතරව, “වේගය සුවපහසුව හා ඉහලම ගුණාත්මක බව” යන මූලික සංකල්ප යටතේ , ප්‍රධාන රූපකරණ පද්ධති සංවර්ධනය කිරීමට Canon හි ඇති කැපවීම නිසා, පාරිභෝගිකයින්ගේ විවිධ අවශ්‍යතා සපුරාලන පුළුල් පරාසයක නිෂ්පාදන පෙළක් පිරිනැමීමට එම සමාගමට හැකියාව ලැබී ඇත.

මෙට්‍රොපොලිටන් , දශක පහකට ආසන්න කාලයක් Canon සමඟ සම්බන්ධ වෙමින් , මෙරට තුල බලයලත් එකම Canon සේවා මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වේ.

තවද, කොළඹ පිහිටි මෙට්‍රොපොලිටන් සමාගමට අයත් Canon Image Square ප්‍රදර්ශනාගාරයේදී , Canon කැමරා, කාච සහ උපාංගවල සම්පූර්ණ පරාසයම ක්‍රියාත්මකර, අත්විඳීමේ හා අත්හදා බැලීමේ හැකියාව, (Touch & Try) ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ට ලැබී ඇත.

දෘෂ්‍ය ප්‍රකාශනයේ සීමා මායිම් පුළුල් කිරීමට Canon සතු අභිලාෂය එහි මීළඟ පරම්පරාවේ EOS R පද්ධතිය දියුණු කිරීමට හේතු වී ඇත, 8K වීඩියෝ පටිගත කිරීමේ පළමු කැමරාව වන EOS R5 සහ වේගයෙන් චලනය වන විෂයයන් ලුහුබැඳීමේ හැකියාව හා අඛණ්ඩව රූපගත කිරීමේ හැකියාව සහිත EOS R3 කැමරාව මීට නිදසුන්ය .

මීට අමතරව, 2021 දෙසැම්බර් මාසයේදී virtual reality අන්තර්ගතයන් පටිගත කිරීම සඳහාම වෙන්වූ EOS VR පද්ධතිය, Canon විසින් දියත් කළේය.

Canon හි අඛණ්ඩ නවෝත්පාදනය හේතුවෙන් නව මාදිලි රැසක්ම වෙළඳ පොළට හඳුන්වාදී ඇත. EOS R කාණ්ඩයේ පළමු APS-C ප්‍රමාණයේ මාදිලි වන EOS R7 සහ R10 ඒ අතර වේ . එපමනක් නොව, Canon විසින් EOS R6 Mark II මාදිලියද මේ වනවිට දියත් කර ඇති අතර, උසස් AF ක්‍රියාකාරීත්වය සහ සුපිරි රූපගත කිරීමේ හැකියාවන්වලින් එය සමන්විතය , එසේම වීඩියෝ නිර්මාපකයින්ගේ පුළුල් වන අවශ්‍යතා සපුරාලීමට , මෑතකදී නිකුත් කල EOS R8 සහ R50 සමත්කම් දක්වයි .

ගෝලීය වෙළඳපොලේ ඉහළම ස්ථානය පවත්වා ගනිමින් මෙසේ තම නිෂ්පාදන පෙළ පුළුල් කිරීමට Canon වෙත විශේෂ හැකියාවක් ලැබී ඇත . එය පාරිභෝගිකයින්ට නව්‍ය නිෂ්පාදන සහ සේවා සැපයීමට, Canon දක්වන කැපවීම පිළිබඳ ප්‍රබල සාක්ෂියකි.

Canon විසින් පාරිභෝගිකයින්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීමට මෙන්ම ඡායාරූප සහ වීඩියෝ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් EOS කැමරා මාලාව සහ RF කාච මාලාව තවදුරටත් පුළුල් කරමින් සිටී. නවෝත්පාදනයන් සහ පාරිභෝගික තෘප්තිය සඳහා දිගින් දිගටම කැපවන Canon, අනාගතයේදී වඩාත් විශිෂ්ට නිෂ්පාදන සහ සේවාවන් රැසක් ලොවට හඳුන්වාදීමටද අපේක්ෂා කරයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්