නවතම පුවත්

Cathay Pacific යළි ශ්‍රී ලංකාවට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හොංකොං කේන්ද්‍ර කරගත් ඉහළ පිළිගැනීමකට පාත්‍ර වූ ගුවන් සේවයක් වන Cathay Pacific ගුවන් සේවය, 2024 වසරේ පෙබරවාරි මස 2 වැනිදා සිට කොළඹට සිය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට පියවරගෙන ඇති බව නිවේදනය කරයි.

වසර හතරක විරාමයකින් පසු, Cathay Pacific නැවත වරක් ශ්‍රී ලාංකීය ගුවන් තලය කරා ඇදී යමින්, වටිනා දේශීය ගනුදෙනුකරුවන්ට සේවය සලසා දෙමින් ලොව පුරා සිටින පුද්ගලයින් සමග සබඳතාවයන් ඇති කිරීමට අඛණ්ඩව කැපවීමෙන් කටයුතු කරනු ලබයි. Cathay Pacific සතු Airbus A330 ගුවන් යානය සමග නැවතත් මෙරටේ සියලු සේවාදායකයින්ට සුවපහසු සහ සාමාන්‍ය මිලගණන් යටතේ සංචාරක අත්දැකීමක් සහතික කරමින් සතියකට කොළඹ සිට ක්‍රියාත්මක වන ගුවන් ගමන් තුනක් ආරම්භ කිරීමට පියවරගෙන තිබේ.

මෙම ගුවන් යානය ව්‍යාපාරික පන්තියේ (Business class) අසුන් 28 කින් සහ Economy පන්තියේ (Economy class) අසුන් 265 ක් ඇතුළුව සියලු ආසන 293 කින් සමන්විතවේ.

මෙම ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම සමගින් හොංකොං සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන ගුවන් සේවා සබඳතාවය තුළ නව පිබිදීමක් ඇති කිරීමට සමත්ව ඇත. ව්‍යාපාරික සහ විනෝද චාරිකාවන්හි නිරත සංචාරකයින්ගේ ගුවන් ගමන් සඳහා මෙම ගුවන් සේවය සිය සේවාවන් ලබා දෙන අතර, හොංකොං හරහා චීනයේ ප්‍රධාන භූමි ප්‍රදේශය, උතුරු ඇමරිකාව, ඊසානදිග ආසියාව සහ නිරිතදිග පැසිෆික් කලාපය වෙත සුවිශේෂී ගමනාන්ත සේවා සම්බන්ධතාවක් සපයා දෙනු ලබයි.

ශ්‍රී ලංකාව තුළ වර්ධනය වන ව්‍යාපාරික සහ විනෝද චාරිකාවන්හි නිරත වන සංචාරකයින් සාදරයෙන් පිළිගනිමින් සහ කොළඹ සංචාරකයින්ගේ විවිධත්වය හඳුනා ගනිමින් Cathay Pacific සමාගම ඔවුන්ගේ සබඳතාව, පහසුව සහ පාරිභෝගික තෘප්තිය සම්බන්ධයෙන් නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට කටයුතු කරයි.

දකුණු ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාවේ සේවාදායක සංචාර සහ ජීවන තත්ත්වයන් පිළිබඳ කලාපීය ප්‍රධානී ආනන්ද් යෙඩරි මහතා මේ සම්බධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”කොළඹ සිට ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට හැකි වීම වැදගත් අවස්ථාවක්. Cathay Pacific හි නැවත පැමිණීම අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් ලබා දෙන අපගේ කැපවීම පිළිබිඹු කිරීමකි. ඒ වගේම අපගේ ජාලය තුළ ශ්‍රී ලංකාව ඉටු කරන වැදගත් කාර්යභාරය ද ප්‍රදර්ශනය කිරීමකි.

”පසුගිය වසර කිහිපය තුළ, ගුවන් ගමන් අත්දැකීම සඳහා වන අපගේ ආහාර මෙනුව, විනෝදාස්වාදය සහ තවත් දේ ඇතුළු අපගේ නිෂ්පාදන සඳහා අප ආයෝජනය කර තිබෙනවා.අපගේ සේවාදායකයින්ට මෙම සේවා වැඩිදියුණු කරමින්, මෙල්බර්න් සහ ටොරොන්ටෝ වැනි ලොව පුරා ප්‍රධාන ගමනාන්ත වෙත පහසු සබඳතා සලසා දෙමින් සහ Greater Bay Area වෙත ගමන් කිරීම සඳහා අපගේ විකල්ප ගමන් අත්විඳීමට ලබාදීම පිළිබඳව අපි සතුටු වෙනවා.අපගේ ගුවන් ගමන් වල නිරතවන ශ්‍රී ලාංකික සංචාරකයින් සාදරයෙන් පිළිගනිමින්, ඔවුන්ගේ අපේක්ෂාවන් වැඩි වැඩියෙන් ඉටු කර දෙමින් අත්දැකීම් සහිත ගුවන් ගමනක ඔවුන් නිරත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

මගී සේවාවන්ට අමතරව, Cathay විසින් දේශීය කර්මාන්ත සඳහා සහය දක්වමින් ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා ලෝකයට සම්බන්ධ කරමින් ආර්ථිකයේ සැලකිය යුතු කාර්යභාරයක් අඛණ්ඩව ඉටු කරනු ලබයි. Cathay Cargo හි සුවිශේෂී වූ අත්දැකීම් හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ඉක්මනින් සහ ආරක්ෂිතව තම ගමනාන්ත වෙත ළඟා කරදීම සහතික කරයි.

පාරිභෝගිකයින් හට Cathay Pacific වෙබ් අඩවියෙන් හෝ ගුවන් සමාගමේ සංචාරක හවුල්කරුවන් හරහා තම ටිකට්පත් වෙන්කරවා ගැනීමට අවකාශය සලසා දී තිබේ. මීට අමතරව, පෙබරවාරි මාසයට පෙර ගුවන් ගමන් සඳහා, ඔවුන්ට අපගේ හවුල්කරුවන් සමග ඉන්දියාවේ බැන්ගලෝර් හරහා සහ ඔවුන් කැමති ගමනාන්ත වෙත පියාසර කිරීමට අවශ්‍ය තෝරා ගැනීම් කිරීමට අවස්ථාව ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්