නවතම පුවත්

CEBයට PUCSL අනුමැතිය දන්වයි – විදුලි බිල අද සිට යළි ඉහළට

අසංක

අසංක

විදුලි ගාස්තුව 66%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ලංවිම යෝජනාවට අනුව අද(15) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු වැඩි කෙරේ.

මෙම නිවේදනය කර ඇත්තේ අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ බහුතරයේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුවයි.

විදුලි ගාස්තු ඉහළ නැංවීම පිළිබඳ මහජන උපයෝගීතා කොමිසමේ ඊයේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවට එහිදී විරෝධය දක්වා ඇත්තේ සභාපති ජනක රත්නායක මහතා පමණි. සෙසු සාමාජිකයින් තිදෙනා ඊට එකඟත්වය පළකිරීම හේතුවෙන් එම යෝජනාව සම්මත වී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයට අමතර රුපියල් බිලියන 287ක ආදායමක් උපයා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව අනුමත කර තිබුණි. එම යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට යොමු කෙරුණේ ඉන් පසුවයි. ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය දිගින් දිගටම ලබා දුන්නේ නැත.

සියලු පාර්ශ්වයන්ගේ යෝජනා අනුව රුපියල් බිලියන 142ක ආදායමක් ලැබෙන පරිදි 36%ක අඩු විදුලි ගාස්තු වැඩිවීමක් මහජන උපයෝගිතා කොමිසම සකස් කර තිබුණි. සභාපතිවරයා පමණක් ඊට අනුමැතිය ලබා දී ඇත. සෙසු සාමාජිකයින් තිදෙනාගේ විරෝධය මත එය ප්‍රතික්ෂේප වී ඇත.

ඉන් අනතුරුව කැබිනට් අනුමැතිය ලද ලංකා විදුලිබල මණ්ඩලය සකස් කළ 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව එහිදී අනුමත කර තිබුණි.

මෙම නව ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව හරහා ගෘහස්ත අංශයේ ඒකක 90ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන කණ්ඩායම්වලට සියයට 250ක ගාස්තු වැඩිවීමක් සිදු වේ. එමෙන්ම ගෘහස්ථ කාණ්ඩය යටතේ මුල් ඒකක 30ට අදාළව දැනට එක් ඒකකයක් සඳහා අය කරන රුපියල් 8ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කෙරෙනු ඇති.

ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට අය කරන රුපියල් 10ක ගාස්තුව රුපියල් 37 දක්වා වැඩි කිරීමටත් ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි කිරීමටත් යෝජිතය.

ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට සහ ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයට දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව මෙන්ම ඒකක 181ට වැඩි සෑම ඒකකයක් සඳහා දැනට අය කරන රුපියල් 75ක ගාස්තුව කිසිදු වෙනසක් සිදුකර නොමැත.

එසේම ස්ථාවර ගාස්තු ද ඉහළ යන අතර ඒ අනුව මුල් ඒකක 30 සඳහා ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්, ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත්, ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වාත් වැඩි කර තිබේ.

එමෙන්ම ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වාත්, ඒකක 121 සිට 180 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වාත් වැඩි කෙරෙනු ඇති.

ආගමික ස්ථාන හා පුණ්‍යායතන, කර්මාන්ත අංශ, පොදු කාර්යයන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා අය කළ විදුලි ගාස්තු සහ ස්ථාවර ගාස්තුද වැඩි කිරිමට යෝජනා වී තිබේ.

කර්මාන්ත අංශය සඳහා පළමු ඒකක 300 කාණ්ඩය යටතේ එක් ඒකකයකට අය කළ රුපියල් 20ක ගාස්තුව වැඩි කර ඇත්තේ රුපියල් 26ක් දක්වා පමණි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි