CIDයේ කාටවත් දැනුම් නොදී රට යාම තහනම්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියකු නිසි දැනුම් දීමකින් තොරව විදෙස්ගත වීම තහනම් කර තිබේ.

ඒ අනුව එහි සේවය කරන 700කට අධික සියලු නිලධාරීන්ගේ ගුවන් ගමන් බලපත් අංක, ජාතික හැඳුනුම්පත් තොරතුරු ආදිය කටුනායක ගුවන්තොටුපළ වෙත මේ වනවිටත් ලබාදී ඇත.

කිසියම් නිලධාරියකුට රටින් බැහැර වීමට අවශ්‍ය නම් ඒ සඳහා වන නිසි අවසරය ලබාගත් යුතු අතර ගුවන්තොටුපළ වෙත ලබාදිය යුතුය.

මෙම තීරණයට හේතුවී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයක් භාරව සිටි ස්ථානාධිපතිවරයකු වූ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා සිය පවුල සමග දැනුම් දීමකින් තොරව ඊයේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබීමයි.