නවතම පුවත්

CID නිලධාරියෙක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

අසංක

අසංක

දම්පත් රණසිංහ

චෙක්පත් වංචාවක සැකකරුවෙක් අත්අඩංගුවට නොගෙන මුදාහැරීමට අධිකරණ විනිසුරුවරයකුට ලබාදීමට යැයි පවසා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ඉන් 80000ක මුදලක් ලබාගන්නා අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන්වරයකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මීට පෙර මෙම ව්‍යාපාරිකයා ගෝනවල පදිංචිකරුවෙකි.

ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ ඉහළ මාලයේදී අල්ලස් මුදල ලබාගෙන තිබේ.

චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් මෙම ව්‍යාපාරිකයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව වාණිජ අපරාධ විමර්ශන ඒකකයේ පැමිණිල්ලක් විභාග වෙමින් තිබී ඇත.

ඒ සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට නොගෙන සිටීමට එම වංචාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලද රහස් පොලීසියේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ සැරයන්වරයා රුපියල් පන්ලක්ෂ දහතුන් දහස් පන්සියයක මුදලක් අල්ලස් ලෙස මුලින්ම ලබාගෙන තිබේ

පසුව ඔහු එම නඩුව ඉවත් කරගැනීමට බව පවසමින් අධිකරණ විනිසුරුවරයාට ලබාදීමට යැයි පවසමින් තවත් ලක්ෂයක මුදලක් ඉල්ලා බලකර ඇත.

එම මුදලින් විසිදහසක් මෙයට පෙර සැරයන්වරයා විසින් ලබාගෙන ඇති අතර අල්ලස් කොමිසමේ නිලධාරීන් අද ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉතිරි 80.000ක මුදල ලබාගන්නා අවස්ථාවේදී ය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි