ක්‍රිකට් නිසා ගිය ඕස්ට්‍රේලියා ගමනට සල්ලි ආව හැටි හරීන් කියයි

විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඕස්ට්‍රේලියාවේදී අද රාත්‍රියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හමුවී තිබේ. එහිදී ක්‍රීඩකයන් ධෛර්යමත් කිරීම්ට හා ඔවුන්ගේ පසුපසින් රජයක් ලෙස සිට සහය දක්වන බවට ඒත්තු ගැන්වීම සඳහා මෙලෙස එරටදී හමුවූ බව හෙතෙම පවසයි. තමන් ඕස්ට්‍රේලියාව බලා ගියේ තම පෞද්ගලික මුදල්වලින් මිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හෝ ක්‍රීඩා…

පාවුණු රුපියලේ බර වැඩිවෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය අද දිනයේ දී යළිත් වරක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහබැංකු වාර්තා පවසයි. දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 177.41 ක් ලෙසින් සටහන් විය. විකුණුම් මිල සටහන් වූයේ රු. 181.28 ක් ලෙසිනි. මේ අනුව පසුගිය දෙසැම්බර් 12 වනදායින් පසුව ඩොලරයක් වෙනුවෙන්…

ඡන්දෙ ගැන අවසන් තීන්දුවක් ගන්න අගමැති සූදානම්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්‍ෂ නායකයින් අතර විශේෂ හමුවක් ලබන සතිය මුලදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිලිබඳ අවසන් තීන්දු තීරණ කිහිපයක් ගැනීම සඳහායි. එම මැතිවරණය පැවැත්වෙන ක්‍රමවේදය පිළිබඳව මෙන්ම එය පැවැත්විය හැකි කාලවකවානු පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ජාවට ලක්වනු ඇති බව අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතා පැවසීය . මැතිවරණය ලබන…

ඇලෝෂියස්ගේ පියා සිංගප්පූරුවට යන්න හදන හේතුව

තමාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහා සිංගප්පූරුවට සහ ඉන්දියාවට යාමට අවසර දෙන්නැයි අර්ජුන ඇලෝෂියස් මහතාගේ පියා වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝෂෆ් ඇලෝෂියස් මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත අද ඉල්ලීමක් කර තිබේ. අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ලබන 05 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ජෙෂ්රි ඇලෝෂියස්…

ඉන්දීය හමුදා යානයක් මෙරට අහසේ සැරිසරයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන් යානාවක් අභ්‍යාසයක් සදහා මෙරටට පියාසරකර අැත. මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් ඇතුළුව ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරින් එක්ව සිටිති. ජනවාරි 28 වන දින සිට අද (ජනවාරි 31) දක්වා දකුණු වෙරළ තීරයට නාවික සැතපුම් 10 ක් ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම අභ්‍යාසයන් පැවැත්විණි.  ශ්‍රී ලංකා නාවික හමුදා…

රනිල්ට එරෙහි පෙත්සමෙන් විනිසුරුවරිය ඉල්ලා අස්වෙයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාගයෙන් තමා ඉවත් වන බව අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය අභියාචනාධිකරණය හමුවේ අද දැනුම් දුන්නේ ය. සිය ‌පෞද්ගලික හේතුවක් මත තමා අදාළ පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව විනිසුරුවරිය දැනුම් දුන්නා ය. රාජ්‍ය ආයතන කිහිපයකට සේවාවන් සපයා මුදල් උපයනු ලබන සීමාසහිත ලේක්හවුස්…

ගොවිජන ජීවිතය හා බැඳුණු කදුළු කතා පිළිබඳ අවබෝධයක් මට තියනවා

ගොවිජන ජීවිතය හා බැඳුණු කදුළු කතාව පිළිබඳ අවබෝධයක් සහ අත්දැකීමක් ඇති නායකයෙකු ලෙස තම ප‍්‍රමුඛ වැඩපිළිවෙළ වූයේ ගොවි ජනතාවගේ මූලික ගැටලූවලට ස්ථිරසාර විසඳුම් ලබාදීම බව ජනාධිපතිවරයා පැවසීය. පාසල් සමයේ සිට නගුල, දෑකැත්ත හුරු ගොවි පුතෙකු ලෙස මෙරට ගොවි ජනතාවගේ ගැටලූ තමාට අරුමයක් නොවු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ අද (31) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ පැවති…

ගෝඨාභයගේ නඩුවේ අධිකරණ බලයේ තීන්දුව 11 වැනිදා

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව  නීතිපතිවරයා  විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීමට තමන්ට බලයක් තිබේද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 11 වන දා ප්‍රකාශ කරන බව කොළඹ  ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(31) දැනුම් දුන්නේය. සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින්…

පාකිස්තානුවෝ එක්දින තරගාවලිය සම කරති

දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග්හිදී අද (28 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 8 ක ජයක් ලැබූ පාකිස්තාන කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-2 ක් ලෙස සම තත්වයට පත්කිරීමට සමත් විය. ඒ අනුව ලබන 30 වැනිදා පැවැත්වෙන පස්වැනි එක්දින තරගය අවසන් මහ තරගයක ස්වරූපයක් ගනු ඇත. ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක…

පරිසර නියමුවෝ ජනපති අතින් පදක්කම් ලබති

පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කරමින් පාරිසරික උරුමය මතු පරපුරට දායාද කිරීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව පරිසර නියමු වැඩසහන පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබයි. අට වන වරටත් පැවැති පරිසර නියමු…

රේගු දෙපාර්තමේන්තුවට වැඩබලන අධ්‍යක්ෂකවරයෙක්

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ලෙස මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච්. ජී. සුමනසිංහ මහතා  අද (31) පත්කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

අල්ලස් ගත් පොලිස් ස්ථානාධිපති

අල්ලස් ගැනිමේදි අත් අඩංගුවට ගත් කොක්කඩිචෝලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා  ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා නියෝග කළේය. මෙලෙස රිමාන්ඩ් කෙරුණේ කොක්අඩිචෝලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිසිර කුමාර නම් නිලධාරියාය. එමෙන්ම  මිළඟ නඩු වාරයේදි සැකකරු  කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් වරයාට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කරනු ලැබිය. ඊයේ (…