කරන්නාගොඩ පැය 3 1/2ක් CIDයේ

දම්පත් රණසිංහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගෙන් අදත් රහස් පොලීසිය පැය 3 1/2ක් තිස්සේ ප්‍රශ්න කර තිබේ. ලබන 26 වැනිදා යළි පැමිණෙන ලෙසට කරන්නාගොඩ මහතාට දැනුම් දී ඇත 2008 වසරේදී තරුණයන් 11 අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්න කිරීම් සිදුවේ.

විදුලි බිදවැටීම් තවදුරටත් – කොළඹ බිදවැටීම් අවසන්

උමංග බණ්ඩාර ඊයේ දහවල් සිට ප්‍රදේශ රැසක සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම් හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. ඒ, නොරොච්චෝලේ දෙවැනි ජනන යන්ත්‍රය අක්‍රියවීම හේතුවෙනි. මේ අතර වාර්තා වූයේ කොළඹ ප්‍රදේශ ගණනාවකට ඊයේ විදුලිය අහිමි වූයේ අතුරුගිරියේ සිට කොළොන්නාව දක්වා දිවෙන විදුලි රැහැන් පද්ධතියේ ඇතිවූ හදිසි බිදවැටිමක් හේතුවෙන් බවයි. මේ හේතුවෙන් දැනට කොළඹට විදුලි බිදවැටීමක්…

ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් රැගත් බස් රථය අනතුරක

ගාල්ල මහින්ද විද්‍යාලයේ අධ්‍යාපන චාරිකාවක යමින් සිටි පාසල් ළමුන් පිරිසක් රැගත් පුද්ගලික බස්රථයක් අම්බලන්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේදී ලංගම බස් රථයක පිටුපස ගැටීමෙන් පුද්ගලික බස්රථයේ සිටි පාසල් ළමුන් 13දෙනෙකු පමණ සුළු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුලත්කර තිබෙයි. අද(19)වනදා උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර බස් රථ දෙකම තංගල්ල දෙස සිට හම්බන්තොට දෙසට ධාවනය වෙමින් තිබියදී ලංගම බස්…

මුත්තයියාගේ සියලු ක්‍රිකට් සම්මාන ‘මුරලි කෞතුකාගාරයට’

fලොව විශිෂ්තටම ක්‍රිකට් කඩුළු රකින්නකු ලෙස වාර්තාගතවී සිටින මුත්තයියා මුරලිදරන් සිය ක්‍රිකට් දිවියේ ලබාගත් සියලුම සම්මාන සුබ සාධක පදනමක් වෙත පිරිනැමීමට තීරණය කර තිබේ. ඒ ‘මුරලි කෞතුකාගාරය’ තැනීම වෙනුවෙනි. මුත්තයියාගේ වසර 19ක ක්‍රිකට් ජීවිතයේ ලද සම්මාන, ඡායාරූප එහිදී සංරක්ෂණය කර ප්‍රදර්ශනයට කටයුතු කෙරෙනු ඇත.

කරන්නාගොඩ අදත් CIDයට

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ප්‍රකාශයක් ලබාදීම සදහා මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. තරුණයන් 11 දෙනකු 2008 වසරේදී අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධවයි.

TNA ජිනීවාවලත් යකා නටයි

පැතුම් වික්‍රමරත්න ඊයේ (18) දින ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල ගොඩනැගිලි සංකීර්ණයේදී , පැවති රැස්වීමකදී උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇත. ප්‍රංශයේ TCHR සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ දෙමළ මධ්‍යස්ථානය සමග සම්බන්ධීකරණයෙන් පැසුමයි තායගම් (හරිත මව්බිම) නමැති සංවිධානය මෙම රැස්වීම සංවිධානය කර තිබුණි. මීට සහභාගී වූ දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) සිවාජිලිංගම් මහතා ප්‍රමුඛ දෙමල දේශපාලන…

රැකියා නැති පුද්ගලයන්ගේ සියදිවි හානිකරගැනීම් ඉහළට

දම්පත් රණසිංහ/ප්‍රබෝධා හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාවේ සියදිවි නසාගන්නා ලද පුද්ගලයන්ගෙන් 1/3ක්ම රැකියා විරහිත අය බවට අනාවරණය වෙයි. පොලිස් මූලස්ථානයේ දත්ත පිරික්සා බැලීමේදී මේ බව හෙළිවී තිබේ. පසුගිය වසරේදී සියදිවි නසාගන්නා ලද පුද්ගලයන් 3281 දෙනාගෙන් 1155ක්ම රැකියාවක් නොමැති පුද්ගලයන් ය. ඊළගට වැඩිම පිරිසක් සිය දිවි හානි කරගෙන ඇත්තේ ධීවර, කෘෂිකර්ම ආදි ක්ෂේත්‍රවල සේවය කරන පුද්ගලයන් ය. එම…