WHO වෙතින් කොවිඩ් විශේෂ ප්‍රදානයක් ලැබීමට ජ’පුරේ යෝජනාවක් සුදුසුකම් ලබයි

COVID හඳුනා ගැනීමේ Rapid Antigen පරීක්ශණ සදහා අමෙරිකානු ඩොලර් ලක්ෂ2ක ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ ආධාරය ලබාදීම සඳහා සුදුසුකම් ලැබූ රටවල් 5ක් අතරින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යෝජනාව ද සුදුසුකම් ලබා තිබේ.

හයිටි ජනපති ඝාතකයින් අත්අඩංගුවට ගැනේ !

හයිටි ජනාධිපති ජෝවෙනෙල් මොයිස් ඝාතනය කිරීම සඳහා 28 දෙනෙකුගෙන් සමන්විත විදෙස් හමුදා කණ්ඩායමක් එක්ව ඇතිබව අනාවරණය වී ඇත . ඊට විශ්‍රාමික කොලොම්බියා හමුදා භටයින් සහ හයිටි සම්භවයක් සහිත ඇමෙරිකානුවන් දෙදෙනෙක් අයත් බව හයිටි බලධාරීන් පවසයි. ජනාධිපතිවරයා ඝාතනය කිරීමෙන් අනතුරුව පළායාමට තැත්කළ ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට හයිටි පොලීසිය සමත්විණි. එසේ අත්අඩංගුවට ගත් පිරිස සහ සොයාගත්…

landslide-warning

දිස්ත්‍රික් 5කට නායයාමේ අනතුරු ඇඟවීමක්

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 5ක ඇතැම් ප්‍රදේශවලට නායයාමේ, පස් කඳු කඩාවැටීමේ සහ ගල් පෙරළීමේ අනතුරු පිළිබඳ

දිනක් තුළ වැඩිම කොවිඩ් එන්නත්කරණය ඊයේ – එන්නත් දෙලක්ෂය පනී

මෙරට කොවිඩ් වසංගතය මර්දනය උදෙසා සිදුකරන එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ දිනක් තුළ වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාවක් ඊයේ (08) ලබාදී තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනාවරණය කරයි. ඒ අනුව ඊයේ (08) දිනය තුළ පමණක් එන්නත් මාත්‍රා 222010ක් ලබාදී තිබේ. ඒ කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව 80ක්, සයිනොෆාම් පළමු මාත්‍රා 188368ක්, එහි දෙවන මාත්‍රා 33550ක්, ස්පුට්නික් වී දෙවන…

උසස් පෙළ විභාගය ඔක්තෝබරයේ පැවැත්වීමට සැලසුමක් !

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (A/L) ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට දැනට  කටයුතු සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර සිටී . කෙසේ වෙතත්උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධව මත 02ක්  ඉදිරිපත්ව ඇති  බවද  අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මාධ්‍ය වෙත පැවසීය  . ප්‍රථම වරට විභාගයට පෙනී සිටින සිසුන්ගේ ඉල්ලීම වන්නේ,…

පාසල් කඩිනමින් ඇරඹීමට සැලසුම් !

ගුරුවරුන්ට සහ අධ්‍යයන කාර්ය මණ්ඩලයට එන්නත් ලබා දීමෙන් පසු රට තුළ පාසල් පියවරෙන් පියවරට විවෘත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කර සිටී පාසල් වසා තබා සිසුන්ගේ අධ්‍යයන කටයුතු නිවැරදිව කළ නොහැකි බවද ලේකම්වරයා මාධ්‍ය වෙත පැවසීය . ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පියවරින් පියවරට පාසල් විවෘත කිරීමට…

සැප්තැම්බරයට පෙර ජනගහනයෙන් බහුතරයකට කොවිඩ් එන්නත ලබාදිය යුතුයි – ජනපති අවධාරණය කරයි !

සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීමට පියවර ගත යුතු බව  එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කර ඇත කොවිඩ් පැතිර යාමේ අවදානම හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කයන්ට ප්‍රමුඛතාව දෙමින් ජුලි මාසය ඇතුළත ලැබෙන එන්නත් මාත්‍රා සංඛ්‍යාව ජනතාවට…

ඔලිම්පික් තරඟාවලිය ප්‍රේක්ෂකයින්ගෙන් තොරව පැවැත්වීමේ සැලසුමක් !

කොවිඩ් 19 වෛරසය යළිත් ජපානය පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති හෙයින් රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට රජය පියවර ගෙන ඇත. හදිසි තත්ත්වය අගෝස්තු 22 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර මෙම තත්වය මත, ටෝකියෝ නගරයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2020 ඔලිම්පික් උළෙලේ තරඟ බහුතරයක් ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව පැවැත්වීම ඔලිම්පික් සංවිධායකයන් තීරණය කර තිබේ. විදෙස් රටවල‍ ප්‍රේක්ෂකයන්ට…

බෞද්ධ සහ සංස්කෘතික අරමුදල් අගමැති යටතට පැවරේ

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් කිරීමේ අමාත්‍යවරයා යටතට මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ අරමුදල් 3ක් පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මිනිසාගේ නොමනා ක්‍රියා නිසා ගෝලීය පාරිසරික අර්බුදයක් අතලඟයි !

මේ වනවිට ගෝලීය වශයෙන්  දේශගුණික විපර්යාසයන් රැසක් සිදුවෙමින් පවතින බවත් මිනිස් ක්‍රියාකාරකම් , මෙම තත්වයට ඍජු ලෙසම බලපා ඇති බවත් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකල   නවතම  අධ්‍යයනයකදී  හෙළි වී ඇත. විශේෂයෙන්ම අක්‍රමවත් ගෝලීය වර්ෂාපතනයන් , ගෝලීය  උෂ්ණත්වය ඉහළයාම් , මෙම විපර්යාස අතර වන බවත් , මෙම තත්වය පාලනය කිරීමට කඩිනම් පියවරයන් නොගතහොත් මිනිස්…