අසංග ප්‍රියමන්තට “ගෞරව සම්මානයක්”

ජනප්‍රිය ගායක අසංග ප්‍රියමන්ත පීරිස් “කලාභූෂණ ජනරංජන කීර්ති ශ්‍රී දේශමාන්‍ය “ගෞරව නාමයෙන් පිදුම් ලබා ඇත මනුෂ්‍යත්වය උදෙසාවන ගෞරව ප්‍රණාමයක් ලෙසින් මෙම ගෞරව නාමය, අමරපුර ශ්‍රී සද්ධම්මවංශ නිකායේ අනුනායක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් අතින් අසංග ප්‍රියමන්ත වෙත ලබා දී ඇත මෙම ගෞරව නාමය සහිත සන්නස් පත්‍රය ,පිරිනැමුණේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවති විශේෂ උත්සවයකදීය…

තුනෙන් දෙකේ බහුතරයෙන් ගම්මන්පිල දිනයි – විශ්වාසභංගය පරදී

ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පරාජයට පත්විය.

සිව්වැනි කොවිඩ් රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක් !

ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වන රැල්ලේ ආරම්භයට ළඟාවෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවා සිටී එහි සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, සංචරණ සීමා පනවා තිබුණ ද කොවිඩ් ආසාදිතයන්ගේ සැළකිය යුතු අඩුවීමක් කිසිදු අවස්ථාවක දක්නට නොලැබුණ බවය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරිය,මෙසේද පැවසීය “සංචරණ සීමා පැනවීම සිදුවුණේ මැයි 20 වගේ…

ශ්‍රී ලංකාවට ලැබුණු කොවිඩ් එන්නත් මාත්‍රා ප්‍රමාණය,කෝටිය ඉක්මවා යයි !

ශ්‍රී ලංකාවට මේ වනවිට  හිමිව ඇති සමස්ත කොවිඩ් එන්නත් මාත්‍රා  ප්‍රමාණය කෝටිය ඉක්මවන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අනාවරණය කර සිටී .. ඒ අතර ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 1,264,000 ක්  චීනයේ සයිනොෆාම් එන්නත් 7,100,000ක් , රුසියාවේ  ස්පුට්නික් V එන්නත් මාත්‍රා 180,000ක් ,  ෆයිසර් එන්නත් මාත්‍රා 128,700ක් හා මොඩර්නා එන්නත් මාත්‍රා 1,500,000ක් ද වන…

චීන එන්නත ගැන සුභ ආරංචියක් !

සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාගත් මෙරට පුද්ගලයින්ගෙන්  සියයට 95කගේම  සිරුරු තුළ සාර්ථක ලෙස  ප්‍රතිදේහ ගොඩනැගෙන බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත එමෙන්ම එම එන්නත  ඩෙල්ටා සහ බීටා කොවිඩ් වෛරස ප්‍රභේදයන් ට එරෙහිව ඉතා හොඳ රැකවරණයක් ලබාදෙන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදුකළ පර්යේෂණයකින් හෙළි වු බව එම විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය…

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල යහපත සැලසීමට ඇමරිකා එක්සත් ජනපදයෙන් DFCC බැංකුවට ඇමරිකානු ඩොලර් මිලියන 150 ක්

වර්තමාන ආර්ථික අභියෝග වලට මුහුණ දීමට අත්වැලක් වීම සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 150 ක පරිත්‍යාගයක් සිදුකිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ International Development Finance Corporation (DFC) වෙතින් ද්විපාර්ශ්වික ණයක් ලෙස DFCC බැංකුව වෙත පිරිනමන ලද මෙම මුදල මෙරට සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ කාන්තාවන්ගේ මූලිකත්වය යටතේ ක්‍රියාත්මක…

ලොව වටිනාම මැණික් 3ක් ලංකා බැංකු සේප්පුවට

ප්‍රබෝධා හෙට්ටිආරච්චි ලොව වටිනාම, මිල කල නොහැකි බැව් පැවසෙන, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව පවතින මැණික් 03ක් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව මැද ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ සේප්පුවේ තැන්පත් කිරීමට අද පියවර ගෙන තිබේ. ඒ කොල්ලුපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පිහිටි ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබීම හේතුවෙන් එහි සියළු කටයුතු තාවකාලිකව…

කොතලාවල පනත් කොටුම්පත ලබන 3 වැනිදා

ප්‍රබෝධා හෙට්ටිආරච්චි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන මස 03වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කරගැනීමට බලාපොරොත්තු රජය අපේක්ෂා කරන බව වාර්තා වේ. මෙම පනත් කෙටුම්පත පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ලබන මස දෙවැනි දා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට ද නියමිතය. රට තුළ ඇතිවී තිබෙන මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන වැරදි මතය නිවැරදි කළ…

මඟුලටත්-අවමඟුලටත් පළාත් මායිමේ සීමාවක්

ප්‍රබෝධා හෙට්ටිආරච්චි විවාහ උත්සහ සහ අවමංගල්‍ය කටයුතු සඳහා වුවද පළාත් මායිම් උල්ලංඝනය කරමින් ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව පොලීසිය නිවේදනය කරයි. විවාහ මංගල අවස්ථාවක දී මනාල යුවළ පළාත් දෙකක සිටීනම් පමණක් එක් පාර්ශවයකට අනෙක් පළාතට ගමන් කිරීමේ හැකියාව ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය. එහිදී මනාල යුවළගේ මව්පියන්ට ද…

කොළඹ කොරෝනා රෝගීන්ගෙන් 30% ක්වත් ඩෙල්ටා ආසාදිතයෝ

පැතුම් වික්‍රමරත්න කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 20 ත් 30 ත් අතර ප්‍රතිශතයක් ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදනය වූවන් වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා සිටී නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවය කොළඹ, මාතර, ගාල්ල, යාපනය සහ…

සති අන්තයේ රටපුරා නිරෝධායන මෙහෙයුමක්

පැතුම් වික්‍රමරත්න එළඹෙන දීර්ඝ සතිඅන්ත නිවාඩුව සැලකිල්ලට ගනිමින් ලබන බදාදා සිට රටපුරා විශේෂ නිරෝධායන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය ප්‍රකාශ කර සිටී . මෙම විශේෂ නිරෝධායන මෙහෙයුම්වල කොටසක් ලෙස මාර්ග බාධක සකස් කිරීමට නියමිත බව පොලිසිය පවසයි. මෙම කාලය තුළ බස්නාහිර පළාතේ පිවිසුම් , පිටවීමේ ස්ථානවල සහ අනෙකුත් දිස්ත්‍රික්කවල පිවිසුම් ස්ථානවල විශේෂ මාර්ග බාධක ඇති…

මහ භාණ්ඩාගාරයෙන් අමතර සල්ලි ඉල්ලන්න එපා – මුදල් ඇමති

පැතුම් වික්‍රමරත්න මහා භාණ්ඩාගාරයෙන් අමතර මුදල් ප්‍රතිපාදන ඉල්ලිමෙන් වළකින්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත . ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය. ගතවූ කාලයේදී රැකියා විශාල ප්‍රමාණයක් ලබා දී ඇති බැවින් අලුතින් කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි පවසා ඇති…