ඩෙල්ටා ප්‍රභේදය එක් පුද්ගලයෙකුට කිහිප වතාවක්ම ආසාධනය විය හැකියි !

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය, එක් පුද්ගලයෙකුට කිහිප වතාවක් , වැලඳීමේ සම්භාවිතාවයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටී , මිනිස් සිරුර තුළ අසාමාන්‍ය වේගයකින් ගුණනය වීමේ හැකියාවක් ද ඩෙල්ටා ප්‍රභේදය සතුව පැවතීම හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බවද එම සංවිධානය පවසයි . කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වරක් ආසාධනය වූ පුද්ගලයින්ට නැවත එම රෝගය වැළඳීම පිලිබඳ වාර්තා…

රට වසා දැමීම වෙනුවට,එන්නත්කරණයට මුල් තැන !

වයස අවුරුදු 60ට වැඩි සහ බෝනොවන රෝගවලින් දීර්ඝ කාලීනව පීඩාවිඳින අය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබාදී ඇත්තේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය. ගතවූ දින කිහිපය තුළ සිදුවී ඇති මරණ පිළිබඳ කළ විමර්ශනයන්ට අනුව ඉන්…

පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් !

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට සති දෙකක කාලයක් සඳහා පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය තීරණය කර ඇත . ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කොවිඩ් -19 පැතිරීම වැළක්වීම පිළිබඳ කාර්ය සාධක බළකා රැස්වීමේ දී ගත් තීරණ දැනුම්දෙමින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත  මේ බව සඳහන් කළේය. මෙහිදී  පළාත් අතර පොදු ප්‍රවාහන සේවාද අත්හිටුවනු…

අධ්‍යාපනය වෙනුවෙන්ම වෙන්වූ රූපවාහිනී නාලිකා 20ක් !

අධ්‍යාපනය වෙනුවෙන් ම වෙන් වූ රූපවාහිනී නාලිකා 20ක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කර සිටී . එම සැලසුමේ පළමු පියවර වශයෙන් නව රූපවාහිනි නාලිකා 06ක් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධව ඇරඹෙන‘විෂන් එෆ්.එම්.’ ගුවන්විදුලි නාලිකාව ද එළඹෙන සතියේ දී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව…

කොවිඩ් කමිටුවෙන් එළියට ඇවිත් රාජ්‍ය ඇමති චන්න කියූ දේ

සම්පූර්ණයෙන් රට වසා දැමීමේ තීරණයක් ගෙන නොමැති අතර සංචරණ සීමා තවදුරටත් දැඩි කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 275ක් ලබන සතියේ සිට ඒ.එස්.පී.වරුන් ලෙස ඉහළට

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 275 කකට ආසන්න පිරිසක් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස ලබන සතියේ උසස්වීම් ලැබීමට නියමිතය.

ලබන ජනවාරිය වනවිට මෙරට සමස්ත කොවිඩ් මරණ 30,000ක්! – WHO මෙරට විශේෂඥයෝ අනතුරු අඟවති

මෙරට තුළ දැනට පවතින කොවිඩ් වසංගත තත්ත්වය දැඩි සීමාකිරීම්වලට යටත් නොකොට අඛණ්ඩව පැවතියහොත් ලබන ජනවාරි මාසය වනවිට රටේ සමස්ත කොවිඩ් මරණ ගණන 30,000 ක් පමණ වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය පුරෝකතනය කර තිබේ.

මෙහෙම යයිද – රට වහයි ද තීරණය අද!

* නොකළොත් දිනක මරණ 300 පනීවි – විශේෂඥයෝ ප්‍රබෝධා හෙට්ටිආරච්චි රට තුල උත්සන්න වී ඇති කොවිඩ්-19 අර්බුදය හමුවේ ගත යුතු කඩිනම් පියවර සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය අද (13) දිනයේ දී රැස්වී තීන්දු ගැනීමට නියමිත බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන්, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු පිරිසක් ජනාධිපති ගෝඨාභය…

ලාෆ්ස් ගෑස් ‍මිල නගී ලීට්‍රෝ වෙනසක් නෑ

දම්පත් රණසිංහ ලාෆ්ස් සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ දැමේ. පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ (12) ඊට අවසර දී තිබේ. ඒ අනුුව මෙතෙක් රුපියල් 1493 ක්ව පැවැති 12.5 ක ලාෆ් සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඒ අනුව රුපියල් 1,856 ක් දක්වා ඉහළ යනු ඇත. මෙම මිල වැඩිවීමට සමගාමීව රුපියල් 600…

ගෑස් චෝදනාවට යෝෂිත උත්තර දෙයි

ප්‍රබෝධා හෙට්ටිආරච්චි රට පුරා සති කිහිපයක සිට පවතින ගෑස් හිඟය ඇතිවීමට හේතුව තමන් විසින් ගෑස් වෙළඳපොළ ආක්‍රමණය කිරීමට කළ සැළසුමක් බවට ව්‍යාජ ලෙස කෙරෙන ප්‍රචාරය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පවසයි. තමන්ට අයත් ගෑස් සමාගමක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී. අදාළ පුවත් මවන්නන්ගේ අරමුණ වී ඇත්තේ…