කොටස් වෙළඳපොළ වාර්තා තබයි !

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අදි (18) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 9,709.14 ක් වශයෙන් සටහන් විය. මෙය පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය සිකුරාදා (15) දිනයට වඩා ඒකක 85.33 ක ඉහළ යාමකි. දිනයක ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,700 සීමාව ඉක්මවා සටහන් වූ පළමු අවස්ථාව මෙයයි. මීට පෙර සියලු…

ලබන වසරේදී රටට අලුත් ව්‍යවස්ථාවක් !

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලබන වසරේ රජයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් අභිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොටුම්පත සකස් කර නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපතිතුමා පත්කළ නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කමිටුව වැඩ අවසන් කර ඇති බවත් බැසිල් රාජපක්ෂ…

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂි නිෂ්පාදනවලට ලෝකෙ තියෙන තැන

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ට ඔවුන්ගේ සාම්ප්‍රදායික රසායනික නිෂ්පාදනයේ නිරත වන ගොවීන්ට වඩා ඉහළ ප්‍රතිලාභ ලබන බව ජගත් සංවිධානයේ ආහාර හා කෘෂිකර්මාන්ත පිළිබඳ නවතම දත්ත වාර්තාවකින් අනාවරණය වෙයි. ‘කාබනික කෘෂිකාර්මික ලෝකය- 2021’ වාර්තාවේ සංඛ්‍යාලේඛන හා නැගී එන ප්‍රවණතා පිළිබඳ දත්ත විශ්ලේෂණය මගින් මේ බව පැහැදිලි වෙයි. කාබනික නිෂ්පාදන ගොවීන් රසායනික නිෂ්පාදන ගොවීන්ට වඩා නැඩි…

ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් සමඟ හම්බන්තොට වරායේ පැළ සිටුවීමේ ව්‍යාපෘතියක්

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ගෝලීය හවුල්කරු වන සී.එම්.පෝර්ට් (CMPort) සමාගමේ මව් සමාගම වන චයිනා මර්චන්ට්ස් සමූහයේ (China Merchants Group – CMG) සමාගම් දිනය නිමිත්තෙන් වරාය සිය පළමු ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන පසුගිය 11 වැනි සඳුදා දින ආරම්භ කළේය. ජෛව හායනය (biodegradable) සිදුවන ඝන අපද්‍රව්‍ය තිරසාර ලෙස කළමනාකරණය කිරීම සඳහා වූ මෙය උපායමාර්ගික ප්‍රවේශයකි. මෙම ක්‍රියාවලිය…

ඇමෙරිකාව, කොවිඩ් එන්නත් මිලියන 15ක්, ඉවත දමයි !

කල් ඉකුත්වීම නිසා , එන්නත් මාත්‍රා මිලියන ගණනක් ඉවත දැමීමට ඇමෙරිකාව පියවර ගෙන ඇති බව වාර්තාවේ . ඒ අනුව , ගෙවුනු මාර්තු සහ සැප්තැම්බර් අතර කාලයේදී කෝවිඩ් වැක්සින් මාත්‍රා මිලියන 15 ක් පමණ ඉවත දමා ඇති බව ඇමරිකානු රෝග නිවාරණ මධ්‍යස්ථානයේ (CDC) නිල දත්තවලින් හෙළි වේ. තවත් විමර්ශනයකින් හෙළි වී තිබෙන්නේ දෙසැම්බර් සහ ජූලි කාලය…

යොහානි, ජනපති හමුවේ !

”මැණිකේ මගේ හිතේ ”ගීතය ඔස්සේ මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ ද අතිශය ජනප්‍රියත්වයට පත්වූ ගායන ශිල්පිණී යොහානි ද සිල්වා මෙනවිය ඊයේ දින පස්වරුවේ  ජනාධිපති ගෝඨාභය මහතා හා එම මහත්මිය  හමුවිය ජනාධිපතිවරයාගේ නිවසේ දී එම හමුව සිදුවිය . එහිදී යොහානි ජනාධිපතිවරයා සහ ජනපති බිරිඳ ඉදිරියේ ”මැණිකේ මගේ හිතේ ”ඇතුළු ගීත කිහිපයක් ගායනා කළාය. එම අවස්ථාව රැගත් වීඩියෝව පහත…

25දා සිට වැඩ වර්ජනය නිම කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකඟවේ !

රජය තීරණය කළ පරිදි ලබන 21 සහ 22 වැනිදා පාසල් ආරම්භ කළ ද ඊට සහභාගි නොවීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (18) තීරණය කර තිබේ. කෙසේ වෙතත් ලබන 25 වැනිදා සිට තමන් පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ කරන බව එම සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේය. වැටුප් විෂමතාව විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති සංගම් ඔන්ලයින්…

පළමු ටෙස්ට් නායකයා , ජීවන ‘ඉනිම’ නිමකරයි

ප්‍රවීණ හිටපු ක්‍රිකට් ක්‍රීඩක බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී ඇත මිය යන විට 68 වන වියේ පසු වූ ඒ මහතා ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා වේ . කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඒ මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙ.