සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කෙරේ !

කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා තිබු සීමා ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර ඇත ඒ අනුව විවාහ මංගල උත්සව ශාලා තුල අමුත්තන් 100 දෙනෙකුට ද එළිමහන් මංගල උත්සව සඳහා අමුත්තන් 150ක උපරිමයකට යටත්ව රැස්වීම සඳහා අවසර ලබාදීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අනුමැතිය…

හැඳුනුම්පත ඩිජිටල් වෙයි !

ඉහළම තාක්ෂණය සහිත ජාතික හැඳුනුම්පතක් ලබන වසරේදී මෙරට ජනතාවට ලැබෙන බවත් ලබන වසරේ පළමු කාර්තුව වන විට ජාතික හැඳුනුම්පත ඩිජිටල්කරණයට ලක්කිරීමට සූදානම් බවත් ඩිජිටල් තාක්ක්‍ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඩිජිටල් මුදල් හෝ ජාතික හැඳුනුම්පත හෝ මේ සියලු දෙයට යාමට පෙර මුදල් භාවිත නොවන ආර්ථිකයකට යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතු…

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ බංග්ලාදේශය පරදති

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ ශතකයක් වාර්තා කරන ලද පළමු පිතිකරුවා බවට පත්වූ චමිඳු වික්‍රමසිංහගේ සුපිරි හරඹය හමුවේ පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන්ද ලකුණු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (25 වැනිදා) හැකියාව ලැබිණ. සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ජ්‍යෙෂ්ඨයින් කඩුලු 5 ක…

ලෝක ජනගහනයෙන් බාගයක්ම සමාජ ජාලයේ

වර්තමානයේදී තොරතුරු තාක්‍ෂණය අපගේ ජීවිතයේ ප්‍රධාන අංගයක් ලෙස ගැඹුරට මුල් බැසගෙන තිබේ. පුද්ගලික අවශ්‍යතා සිට ව්‍යාපාරික කටයුතු දක්වා එය නොමැතිව ජීවිතය ගැන සිතීම දුෂ්කර ය. විශේෂයෙන්ම කොවිඩ් වසංගතයෙන් ලෝකය වෙලාගත් දා සිට ඩිජිටල් තාක්ෂණය අන් කවරදාටත් වඩා අපගේ එදිනෙදා ජීවිතවලට බද්ධ වී තිබේ.

අසාද් සාලිට එරෙහිව අධිචෝදනා !

ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට අද (25) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබේ. එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අසාද් සාලි මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් රෝද…

හවුල්කාර පක්‍ෂ කලකිරීමෙන් – ආණ්ඩුව තුලම ප්‍රශ්ණ විසඳගන්නා ලෙස ජනපති දැනුම්දේ !

ආණ්ඩුව ගන්නා ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ යම් කලකිරීමකින් සිටින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි .. කෙරවලපිටිය එල් එන් ජී බලාගාරයේ කොටස් පවරාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල දැඩි විරෝධයක් එල්ලවෙමින් ඇත . මෙම අර්බුදකාරී තත්ත්වය විසදා ගැනීමට ආණ්ඩුවේ සියලුදෙනා කඩිනමින් පියවර ගත යුතු බව  අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පෙන්වාදේ.. මේ අතර ආණ්ඩු…

ප්‍රකට ඉන්දියානු ව්‍යාපාරික අදානි ලංකාවේ !

ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානි මහතා ඇතුළු 10 දෙනෙකු විශේෂ ගුවන් යානා 02 කින් ඊයේ 24 දින රාත්‍රී 11.30 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණඇත. මෙම ව්‍යාපාරිකයා කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු ඇතුළු ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීමට නියමිතය.

ඌරු වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කරයි !

ඌරෙකුගේ වකුගඩුවක්  මිනිසෙකුට  සාර්ථකව බද්ධ කිරීමට  ඇමෙරිකා එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත්ව ඇත . මේ සාර්ථක අවයව බද්ධයත් සමග වෛද්‍ය ක්‍ෂේත්‍රයේ විප්ලවයක් ඇතිවනු ඇති බවත් ,ඒ හරහා  මෙතෙක් පැවැති පරිත්‍යාගදායක ඉන්ද්‍රිය හිඟය විසඳීමට හැකිවන බවත් එම වෛද්‍යවරුන් සඳහන් කර ඇත වකුගඩුව ලැබූ පුද්ගලයා මොළය මියගිය තැනැත්තෙකු වන අතර, නැවත සුවය ලැබීමට කිසිදු ඉඩකඩක් නොමැතිව…