විදුලිබල ඩීසල් මාෆියාව මර්ධනය කල යුතුයි !

රටක ජාතික ආරක්ෂාවට අයත් වන්නේ, හුදෙක් රජයේ ආරක්ෂක අංශ විසින් සෘජු ආරක්ෂාව සැපයෙන භූමි, ආයතත සහ පුද්ගලයන් පමණක් නො වේ. ජලය, බලශක්ති සහ ආහාර යනු එහි මෘදු ආරක්ෂක – soft security අංශයට අයත් සංවේදී ක්ෂේත්‍ර වේ. මේවා ආරක්ෂා කර ගැනීම අතිශය වැදගත් වන්නේ මෙවැනි තීරණාත්මක අංශවලට බලපෑම් කිරීමෙන් රාජ්‍යයක් ඉතා පහසුවෙන් බිඳ දැමිය හැකි වන…

විදුලිබල සංශෝධන පනත ගැන දැනගත යුතු කරුණු මෙන්න !

වෘත්තීය සමිති හා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය මධ්‍යයේ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත අද (ජුනි 09) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සංශෝධන රහිතව සම්මත විය. පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඊට පක්ෂව ඡන්ද 120ක්ද විපක්ෂව ඡන්ද 36…

ළමා ශ්‍රමිකයින් වැඩිවීමේ අවදානමක් !

රට තුළ උද්ගතවී ඇති ආර්ථික සහ සමාජයීය තත්ත්වය හමුවේ ළමා ශ්‍රමිකයින් වැඩිවශයෙන් යොදාගැනීමේ හැකියාවක් ඇති බව ජාතික ළමා රක්ෂක අධිකාරිය පවසනවා. අදට යෙදෙන ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ළමා රක්ෂක අධිකාරිය මේ බව සඳහන් කළා. මෙලෙස ළමුන් ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බවයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ…

වසර පහක් යනතුරුවත්, ජීවන රටාවන් වෙනස් කරගන්න වෙනවා !

රටතුළ වර්ධනය වෙමින් ඇති අර්බුධකාරී තත්ත්වයන්ට මුහුණදීම සඳහා තාවකාලික වශයෙන් නොව අවම වශයෙන් වසර 04 ක හෝ 05 ක කාලයක්  සුපුරුදු ජීවන රටාව වෙනස් කර ගැනීමට සියලුදෙනාට සිදුවන බව විද්වතුන් පවසයි . කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මාධ්‍ය වෙත සඳහන් කළේ මත්පැන් සහ දුම්වැටි භාවිතයෙන් ඉවත් වී අනවශ්‍ය…

ඉන්ධන කෝටා ක්‍රමයක් හඳුන්වාදේ !

(දම්පත් රණසිංහ) රටේ ආර්ථික තත්ත්වය යහපත්වන තෙක් ඉන්ධන සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වා දීමට සිදුවන බවත් එය ජුලි මාසයේ ආරම්භයේ සිට සිදුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. ඒ සඳහා වාහන හිමියන් ඉන්ධන පිරවුම්හල් වල ලියාපදිංචි කොට ඔවුන්ට සතිපතා අවශ්‍ය ඉන්ධන සැපයීම මෙමගින් සිදුකිරීම බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ. පැය…

කෝප් කමිටුවේදී , ලං.වි.ම සභාපති කිව්වේ බොරුවක්ද ?

අදානි සමාගමට පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා අවසර ලබාදීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෝප් කමිටුව, ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී එම කමිටුව හමුවේ තමන් සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු පවසනවා. කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඒ…

මන්නාරම් ව්‍යාපෘතිය ගැන කී දේ ජනපති ප්‍රතික්ෂේප කරයි – ලංවිම සභාපති සමාව අයදී

මන්නාරමේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩ‍ලයේ සභාපතිවරයා විසින් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේදී කරන ලද ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එම ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් තමා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලපෑමක් නොකළ බව ද ජනාධිපතිවරයා අවධාරණය කර සිටී. ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය සෑම ව්‍යාපෘතියක්ම ඉතාමත් පාරදෘශ්‍ය සහ වගවීමෙන්…

පල්ලෙකැලේදී ලෝක ශූරයන් පරදා ශ්‍රී ලංකාවට ජය

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තුන්වන සහ අවසන් විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 4ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබා ගත්තේය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5 පන්දු පහක් තුල ලකුණු එකසිය හැත්තෑ හතක්…