කොටස් වෙළඳපොලේ වර්ධනයක් !

සියලු කොටස් 8,000 පසු කරයි කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (03) දිනයේ දී නැවත වරක් ඒකක 8,000 සීමාව පසුකරන ලදී. ඒ පසුගිය ජූනි 06 දින ඒකක 8,000 සීමාවෙන් මෙපිටට සියලු කොටස් මිල දර්ශකය පැමිණීමෙන් අනතුරුව පළමුවරටයි. ඒ අනුව දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය…

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් නව සභාපතිවරයා ලෙස ආචාර්ය ජයන්ත වික්‍රමරත්න මහතා පත්වෙයි.

දිවයිනේ සීඝ්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වශයෙන් අන්තර්ජාතික සම්මානයට පාත්‍ර සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික පොලිස්පති ආචාර්ය ජයන්ත වික්‍රමරත්න මහතා පත්ව තිබේ.කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන මේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ගෞරව උපාධියක් ලබා තිබේ. 1968 වර්ෂයේදී තරඟ විභාගයකින් ශ්‍රී ලංකා පොලිස් සේවයට සහකාර පොලිස්…

එකමුතුව, සමගිව අර්බුද විසඳාගමු- උදාර අපේක්ෂාවන්ගෙන් යුතුව අළුත් ගමනකට මුල පුරමු !

ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැංවීම උදෙසා වෙහෙසීමේදී සාම්ප්‍රදායික චින්තනයෙන් මිදෙන්න කියා තමන් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා. නම වෙනි පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ දී ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සිදුකරමින් මේ බව සඳහන් කර සිටියා. ජනාධිපතිවරයා සිදුකළ සම්පුර්ණ ප්‍රකාශය පහතින් : ” පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතුරෙන් බහුතර විශ්වාසය…

මෙරට කාන්තාවන් හා ළමුන්ට, නොර්වේ රජයෙන් මිලියන 490ක ආධාර !

ලංකාවේ කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් නෝර්වේජියානු ක්‍රෝන් මිලියන 13 ක (රුපියල් මිලියන 490 ක්) ලෝක ආහාර වැඩසටහන යටතේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට සහ යුනිසෙෆ් සංවිධානයට ප්‍රදානය කරන බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති ට්‍රිනා යුරන්ලි එස්කෙඩෙල් මහත්මිය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් කාන්තාවන්ට සහ ළමුන්ට දරුණු බලපෑමක් එල්ල වී ඇතැයි නෝර්වේජියානු…

ලීට්‍රෝ ගෑස් හිස් සිලින්ඩර් තැන්පතු මුදල් ගැන දැනුම් දීමක්

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් අලුතින් මිලදී ගන්නා හිස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමේදී ගෙවිය යුතු තැන්පතු මුදල් ප්‍රකාශයට පත් කර තිබේ. ලිට්‍රෝ සමාගම පැවසුවේ මෙම තැන්පතු මුදල් 2022 ජූලි 29 වැනි දින සිට වලංගු වන බවයි. නව තැන්පතු මුදල පහත පරිදි වේ. 2.3Kg: 7,000/= 5Kg: 11,000/= 12.5Kg: 14,000/= 37.5Kg: 35,000/=

කොවිඩ් ඉහළට.. මන්කිෆොක්ස් ගැනත් අවධානයෙන් – ජනපති

කොවිඩ් අවදානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මහතා අද (02) විශේෂ ප්‍රකාශයක් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවත් එම උපදෙස් නියමාකාරයෙන් පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් රට තුළ…