චීන නැවේ ,ශ්‍රී ලංකා සංචාරය කල්දමන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටී !

මතභේදයට තුඩුදී ඇති ‘යුආන් වැන්ග් 05’ නමැති චීන නෞකාවේ , ශ්‍රී ලංකා සංචාරය කල්දමන ලෙස මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය , චීන රජයෙන් ඉල්ලා ඇත . අගෝස්තු 11 දින මෙරට හම්බන්තොට වරායට ළඟාවීමට දැනට නියමිතව ඇති එම නෞකාව ලබන 17 දක්වා එහි නැංගුරම්ලා තැබීමට නියමිතව තිබිණ . කෙසේ වෙතත් මෙම නෞකාවේ ශ්‍රී ලංකා සංචාරයට ඉන්දීය රජය…

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව පත් කෙරේ. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුවේ සාමාජිකයන් වෙත එම වගකීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඊයේ (05) භාර දෙන ලදි. ඒ අනුව මසක් තුළ විවිධ සංවර්ධන ආයතනවල තාක්ෂණික සහය සමඟ එම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ලබා දීමට…

ලබන සතියේ පාසල් පැවැත්වෙන හැටි

නැවත දැනුම්දෙන තුරු සතියේ සදුදා, අඟහරුවාදා හා බ‍්‍රහස්පතින්දා දිනවලදී පාසල් පැවැත්විය යුතු වූවද 2022.08.11 වන බ‍්‍රහස්පතින්දා දින රජයේ නිවාඩු දිනයක් වන බැවින්, එම සතිය තුළ පාසල් පැවැත්වීමේදී පහත සඳහන් පරිදි සිදු කෙරේ. එම සතියේ සදුදා, අඟහරුවාදා හා බදාදා දිනවලදී පාසල් පැවැත්වීම සහ සිකුරාදා දින සිසු සිසුවියන්ට නිවෙස් පාදක ක‍්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක‍්‍රමයට ඉගැන්වීම් කටයුතු…

බත් පැකට්ටුවේ , තේ කෝප්පයේ මිල බසී !

ලබන සඳුදා (08) දිනයෙන් පසු බත් පැකට්ටුවක මිල සහ තේ කෝප්පයක මිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. මේ වනවිට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩුවී ඇති බැවින් සහ ලබන සඳුදා ගෑස් මිලත් අඩුවීමට නියමිත බැවින් මෙම තීරණයට එළඹෙන බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ.

විදෙස් සංචිත පහළට !

2022 ජූලි මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,815 ක් ලෙසින් වාර්තා වී තිබේ. එය 2022 ජූනි මාසයේ දී දැක්වුණු ඩොලර් මිලියන 1,854 හා සැසඳීමේ දී 2.1% ක පහළ යාමකි. මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ජූලි මාසය තුළ ඩොලර්…

ශ්‍රී ලංකාවට සහය දෙන්න ජගත් සංවිධානය පෙරට එයි !

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ක්ෂණික හා දිගුකාලීන සහය දැක්වීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් එවමින් සඳහන් කරයි. ජනාධිපතිවරයා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා පවසා ඇත්තේ රට මුහුණ දී සිටින වත්මන් අභියෝග ජයගැනීමට හිතකර පරිසරයක්…