නලින් බණ්ඩාර මන්ත්‍රීගේ ප්‍රකාශය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතික්ෂේප කරයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රිකට් තරඟ ශ්‍රී ලංකාවේ නොපැවැත්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (09 දා) පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය සහ එම චෝදනා සියල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරන්නේ මේ පිළිබඳව කරුණු දැක්වමින් ඒ මහතා සිදු කරනු ලැබ ඇති එම ප්‍රකාශය පදනම් විරහිත, අගතිගාමී සහ අශෝභන…

‘මම්මූටි’ ලංකාවට !

ඉන්දීය සුපිරි සිනමා නළු ‘මම්මූටි’ චිත්‍රපට රූගත කිරීමක් සඳහා එළඹෙන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත . මුහම්මද් කුට්ටි පනාපරම්බිල් ඉස්මයිල් හෙවත් මම්මූටි මලයාලම් සිනමාවේ සුපිරි තරුව ලෙස හැඳින්වෙන අතර මෙරට සිනමා රසික රසිකාවියන් අතරද ඔහු අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙකි . මෙම චිත්‍රපටය කඩුගන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයකම රූගත කෙරෙන අතර ඒ සඳහා මම්මූටි ලබන සතියේ…

කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම, බිලියන 5 ඉක්මවයි!

අද (09) දිනයේ දී කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු අවසානයේ දෛනික පිරිවැටුම රු. බිලියන 5 සීමාව ඉක්මවා ගිය අතර එය දැක්වුනේ රු. බිලියන 5.34ක් ලෙසයි. එහිදී රු. බිලියන 1.99 ක් ලංකා IOC සමාගමේ කොටස් ගනුදෙනු හරහා පමණක් වාර්තා වී තිබීම විශේෂත්වයකි. මීට අමතරව එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. මිලියන 449.71 ක් හා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 252.86…

ආයෝජකයන්ට, මාර්ගත වීසා !

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජකයින් සඳහා මාර්ගගත වීසා නිර්දේශ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ. මේ මගින් ශ්‍රී ලංකාව වෙත ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහාත්, ව්‍යාපාරික කටයුතු කිරීම වඩාත්ම පහසු කිරීමත් හැකිවනු ඇතැයි ආයෝජක මණ්ඩලය සඳහන් කරයි. ආයෝජකයින් අවශ්‍යතාවය මත වාර්ෂික වීසා බලපත්‍ර 7000 – 7500 ත් අතර ප්‍රමාණයක් නිකුත් කිරීමට නිර්දේශ කරයි. ඒ සඳහා ආයෝජකයින් කිහිප වරක්…

A/L දෙසැම්බරයේ !

උසස් පෙළ විභාගය දෙසැම්බර් මුල සතියේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (09) පැවැසීය. එමෙන්ම 2021 වර්ෂයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රථිඵල මෙම මාසය අවසන් වීමට පෙර අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය. මෙම මාසයේ 15 වැනිදා උසස් පෙළ ප්‍රථිඵල නිකුත් කිරීමට අපේක්ෂාවෙන් සිටියද රටේ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන්…

ජනපතිටත් ,අමාත්‍යාංශවලටත් මුදල් වෙන්වන්නේ මෙහෙමයි !

පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන ලද විසර්ජන සංශෝධන පනත් කෙටුම්පතට අනුව මෙම වසරේ රජයේ සමස්ත වියදම රුපියල් කෝටි හතළිස් හත් දහස් නවසිය හතළිස් තුනකින් වැඩිවී ඇත. මෙම වසරට අදාළව පසුගිය නොවැම්බර් මාසයේ ඉදිරිපත්කරන ලද විසර්ජන පනත් කෙටුම්පතට අනුව සමස්ත වියදම වූයේ රුපියල් දෙලක්ෂ හැත්තෑ නව දහස් හයසිය හතළිස් හතර කෝටි හැට පන් ලක්ෂ පනස් අට දහසකි.…