QR කේතයට පිටින් තෙල් බෙදන අයට කරන දේ ගැන රජයෙන් තීරණයක්

මෙට්‍රික්ටොන් 100,000ක් රැගත් බොරතෙල් නෞකාවක් අද රාත්‍රී කොළඹට පැමිණෙන අතර හෙට එහි ප්‍රමිති කටයුතු සිදුකෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. තවත් මෙට්‍රික්ටොන් 120,000ක් රැගත් බොරතෙල් නෞකාවක් අගෝස්තු 23-29 අතර පැමිණීමට නියමිතය. මෙම නෞකා දෙකම රුසියානු යුරල්ස් බොරතෙල් වන අතර කඩිනමින් පිරිපහදුව ආරම්භ කිරීමට අපේක්ෂිත බවද අමාත්‍යවරයා කීය මේ අතර අද පැවති…

කොළඹ ඉඳන් බදුල්ලට සැපට යන්න ‘ඇල්ල ඔඩෙසි’ අද සිට..

මෙරට ඉහළ සංචාරක ආකර්ශනය දිනා ගත් දුම්රිය ගමනාන්තයක් වන කොළඹ සහ බදුල්ල දක්වා නගරාන්තර අධි සුඛෝපභෝගී සති අන්ත ” ඇල්ල ඔඩෙසි ” දුම්රිය අද (13) පෙ.ව 5.30 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරිණි. ඒ ප්‍රවාහන ,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. මීට පෙර මෙම දුම්රිය මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය…

මංකිපොක්ස් රෝගීන් හඳුනාගන්න හැටි

ලොව පුරා වේගයෙන් පැතිරී යන මංකිපොක්ස් (Monkeypox) වසංගතයට මුහුණ දීමට සූදානම් වන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් රෝගය නිශ්චය කිරීමේ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඊට සමගාමීව සැකසහිත රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. ඔබ, ‘මංකිපොක්ස්’ බවට සැක කල හැකි රෝගියෙක් ද? ‘මංකිපොක්ස්’ රෝගියෙකුගේ ආශ්‍රිතයෙක් ද? යන්න දැනගැනීමට අවශ්‍ය මූලික දැනුම මෙන්ම ඒ ඒ…

චීන නැව 16 වෙනිදා ලංකාවට ඒවිද?

හම්බන්තොට වරායට පිවිසීමට අවසර ලැබෙන තෙක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටින යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාවට අගෝස්තු 16 වෙනිදා හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. හම්බන්තොට වරායේ හාර්බර් මාස්ටර් යුවාන් වැන්ග් 5 නෞකාවට හම්බන්තොට වාරයේ නැංගුරම් ලෑමට අවසර ලබාදී නොමැති බව දිගින් දිගටම ප්‍රකාශ කළත් එම නෞකාව අගෝස්තු 16…

රංජන් සමාව ඉල්ලයි !

තමන්ට සමාව ලබා දෙන ලෙස ජනපති වෙත යවන ලිපියට රංජන් රාමනායක අත්සන් කර තිබෙනවා. අදාල ලේඛණ සහිත ලිපියට රංජන් රාමනායක අද දිනයේ අත්සන් කළ බවයි ඔහුගේ නීතීඥයෙකු වන දිනේෂ් විදාන පතිරණ මාධ්‍ය හමුවේ සදහන් කළේ. රංජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරයේදී අදාල ලිපියට අත්සන් කළ බවද ඔහු සදහන් කළා. රංජන් රාමනායක සිර දඩුවමට ලක්ව සිටින්නේ අධිකරණයට අපහාස…

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට, ඉන්දීය මාධ්‍යවේදීන්ගෙන් “තල්ලුවක්”

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ආරම්භකර ඇති විදෙස් මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සඳහා වන විශේෂ ප්‍රවර්ධන වැඩසටහන (Visiting Journalists & Blogger Program) යටතේ, ඉහළ පෙළේ ඉන්දීය මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් සමන්විත, නියෝජිත කණ්ඩායමක් පසුගියදා මෙරටට පැමිණියහ . ඉන්දු-ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් හා දෙරට අතර සංචාරක සබඳතා වැඩි වර්ධනය කිරීමේ…