රාජ්‍ය සංස්ථා , රටට බරක් වෙන්නේ මෙහෙමයි !

ව්‍යාපාරයක පැවැත්ම සඳහා ලාභය අත්‍යවශ්‍ය සාධකයකි. ව්‍යාපාර උත්පාදනය කරන ලාභ සමාජය වෙත ගලා යයි. ඒ බදු ගෙවීම හරහාය. ව්‍යාපාරයක් අඛණ්ඩව පාඩු ලබන්නේ නම් සහ ණය ලබාගනිමින් ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්නේ නම් එක් අවස්ථාවකදී එයින් එම ව්‍යාපාරයට මතු නොව සමස්ත සමාජයටම දැඩි බලපෑමක් ඇති වේ. මේ තත්ත්වය රාජ්‍ය ව්‍යවසායයන්හි ක්‍රියාකාරීත්වයට ද අදාළය. රජය මැදිහත්ව සිදුකරන ව්‍යාපාර කටයුතු…

සමලිංගික නීති ලිහිල්වේ !

සමලිංගිකත්වය දණ්ඩනීය වරදක් ලෙස මෙතෙක් සළකන ලද වගන්ති දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීම සඳහා දණ්ඩනීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත මන්ත්‍රීවරයා විසින් කටයුතු කර තිබේ. දිවංගත කෘතහස්ත දේශපාලඥයකු වූ මංගල සමරවීරගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය යෙදී ඇති අද දිනයේ එම කෙටුම්පත ඔහු විසින් පාර්ලිමේන්තුවේ කථානායකවරයාට…

ආයෙමත් තෙල් හිඟයක් එනවාද ?

ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් සහ පෙට්‍රල් යන ඉන්ධන වර්ග දෙකේම තොග නොලැබෙන බවත් ඒ හේතුවෙන් රට පුරා නැවතත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා අද (25) පැවසීය. ඉන්ධන නොමැතිවිම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් රැසක් වසා ඇති බවත් මෙම තත්ව හමුවේ පිරවුම්හල්…

ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 500 ඉක්මවයි !

මෙරට ඇඟලුම් අපනයන ආදායම අඛණ්ඩව දෙවන මාසයටත් අමෙරිකානු ඩොලර් මිලියන 500 යේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, ඉකුත් ජූලි මාසයේදී ද අමෙරිකානු ඩොලර් මිලියන 522.14 ක ආදායමක් උපයා ගනිමින්. ඉකුත් ජුනි මාසයේදී ද ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 500 යේ සීමාව ඉක්මවා ගිය අතර එය දැක්වුණේ අමෙරිකානු ඩොලර් මිලියන 536.65 ක් ලෙසයි. 2021 වසර…

විදේශ රැකියාවට යන රාජ්‍ය සේවකයන්ගේ චක්‍රලේඛය ඇවිත්

රාජ්‍ය ආයතනවල සේවකයින්ට විදේශීය රැකියා සඳහා පිටත්ව යාමට වැටුප් රහිත නිවාඩු ලබාගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. මෙම චක්‍රලේඛයට අනුව රැකියා සඳහා විදෙස්ගත වන රාජ්‍ය සේවකයින් මාස්පතා මෙරටට යම් විදේශ විනිමය ප්‍රමාණයක් එවීම අනිවාර්ය වේ. එය එක් එක් රාජ්‍ය නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව තීරණය කෙරේ. අදාළ සේවකයා තාවකාලිකව සේවයෙන් ඉවත් වීමේදී එම තනතුරේ වැඩ ආවරණය හෝ…

ජනපති සමඟ IMF නිලධාරීන් සාකච්ඡාවක

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයේ වත්මන් තත්ත්වය සහ ඊට විසඳුම් ලබාදීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන මූලික වටයේ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (24) පස්වරුවේ පැවැත්විණි. මෙම සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් ලබන 26 වන සිකුරාදා පැවැත්වීමටත්, තාක්ෂණික මට්ටමේ කරුණු සම්බන්ධව මහ බැංකු නිලධාරීන් සමග ඉදිරියේ දී…