ඩුබායිහි සිටින මාකඳුරේ මධූෂ් පිළිබඳ ඔත්තුව දුන් මෙරටදී හමුවූ විශාලතම මත්කුඩු තොගයේ හිමිකරු ලෙස හඳුනාගත් මොරිල් නමැත්තා මෙරට දේශපාලනඥයන් හා කලාකරුවන් සමඟ ඉතා සමීප සබඳතාවක් ඇති බවට බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.
මේ දිනවල කොකේන් මත්කුඩු භාවිත කරන මන්ත්‍රිවරු සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතාබහ කරන මන්ත්‍රිවරයකු සමඟ මොරිල් නමැත්තා සිටින චායාරූපයක් ද බුද්ධි අංශ සතුව පවතී.
මෙරට සිට සීෂෙලස් දූපත් වෙත මත්කුඩු යවන ප්‍රධානතම ජාවාරම්කරු වන්නේ ද මොරිල් බවට හඳුනාගෙන තිබේ.
මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් පසුගියදා සීෂෙලස් දක්වා ගියේ මේ පිළිබඳ විමර්ශන සඳහායි.
මෙරටින් හමුවූ ලොකුම මත්කුඩු තොගයේ හිමිකරු පිළිබද මුලින්ම ජනතාව වෙත අනාවරණය කරන ලද්දේ The Colombo Express අප කණ්ඩායම විසිනි.
ඔහු පසුගිය කාලයේ බ්‍රිතාන්‍යයට පැනගොස් තිබූ අතර පසුව වෙනත් රටවලට ද පැනගොස් තිබුණි.
මෙම චායාරූපයේ දැක්වෙන්නේ මොරිල් නැමැත්තා ඉතාලියේ ගමන් ගනිමින් සිටියදී ගත් චායාරූපයකි.
![](http://thecolomboexpress.com/wp-content/uploads/2019/03/moril.png)