නවතම පුවත්

Facebook හී සෙල්ලම් ඉවරයි ඉන්දියානු සමාගම නිල වශයෙන්ම නියාමනය අරඹයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන පුවත්, ඡායාරූප, වීඩියෝ දර්ශනයන්හි සත්‍ය අසත්‍යතාව සහ වැඩිදුර කරුණු ගවේෂණය කිරීමේ (Fact Checking) අරමුණින් Fact Crescendo ආයතනය තම කටයුතු ශ්‍රී ලංකාව දක්වා පුළුල් කර ඇති බව සැප්තැම්බර් 6 වැනිදා ෆේස්බුක් (Facebook) ආයතනය විසින් දැනුම් දී තිබේ.

සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරුවන සිංහල, දමිළ, ඉංග්‍රීසි යන භාෂා තුනටම අයත් අසත්‍ය පුවත් මේ යටතේ ආවරණය කෙරේ. මේ යටතේ යම් පුවතක් Fact Crescendo ආයතනය මගින් අසත්‍ය පුවතක් බවට තහවුරු කළ පසු එය ෆේස්බූක් හි හුවමාරු වීම බොහෝ දුරට සිමා වනු ඇත.

Fact Crescendo Sri Lanka යනු ඉන්දියාවේ ස්ථාපිත Fact Crescendo ආයතනයේ කොටසක් වන අතර, ශ්‍රී ලංකාවේ ෆේස්බුක් හි පළවන තොරතුරු වල සත්‍ය කරුණු ගවේෂණය කර නිරවද්‍යතාව ශ්‍රේණිගත කිරීමේ කටයුතු මෙම ස්වාධීන කණ්ඩායම මඟින් සිදුකෙරෙනු ඇත.

Fact Crescendo යනු ෆේස්බුක් ආයතනය මගින් පත් කළ, ඉන්දියාවේ දැනට සත්‍ය කරුණු ගවේෂණය කිරිමේ කටයුතු සඳහා නම් දරා ඇති නිදහස් සහ අපක්ෂපාතී ආයතනයකි. පසුගිය ඉන්දීය මැතිවරණ සමයේදී මෙම ආයතනය සත්‍ය කරුණු ගවේෂණය කිරීමේ කටයුතු සඳහා ඍජුවම සම්බන්ධ වූ අතර මේ වනවිට 3000 කට අධික කරුණු අනාවරණයන් සිදුකර ඇත. International Fact Checking Network (IFCN) ජාත්‍යන්තර ජාලය මඟින් , Fact Crescendo ආයතනය සත්‍ය කරුණු ගවේෂණය කිරීමේ අනුමත ආයතනයක් ලෙසද වර්ග කර ඇත.

මේ සම්බන්ධව කරුණු දක්වන Fact Crescendo කර්තෘ මණ්ඩල ප්‍රධානී රාහුල් නම්බුරි මහතා පවසන්නේ ෆේස්බුක් ආයතනය මඟින් තෙවන පාර්ශවීය සත්‍ය කරුණු ගවේෂණය කිරීම සඳහා තම ජාලය ශ්‍රී ලංකාවට පුළුල් කිරීම සම්බන්ධව ඉතාමත් සතුටට පත්වන බවයි. අසත්‍ය තොරතුරු හැකිතාක් දුරට අවම කිරීමට නිරන්තරයෙන්ම කැපවී සිටින Fact Crescendo ආයතනය සමාජ ජාල සහ ප්‍රධාන මාධ්‍ය ධාරාවේ සැකසහිත පුවත් විශ්ලේෂණ කිරීමෙන් පසුව නිවැරදි පුවත් අනාවරණය කිරීමට බැදී සිටින බවද එතුමා තවදුරටත් පවසා සිටියි

සමාජ මාධ්‍ය හරහා යම් අසත්‍ය කරුණක් හුවමාරු වන්නේනම් 0771514696 WhatsApp දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින අතර www.srilanka.factcrescendo.com යන වෙබ් අඩවිය හරහා ද වැඩි විස්තර ලබාගත හැකිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්