FCIDය CID යටතට- නිලධාරීන් 40කට මාරුවීම්

Picture of අසංක

අසංක

මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කර තිබේ.

එහි සේවයේ නිරතව සිටි අතිරික්ත පොලිස් නිලධාරීන් 40 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා අනුයුක්ත කර ඇත.

එහි අධ්‍යක්ෂ හා සහකාර පොලිස් අධිකාරිවරයා වෙනත් අංශවලට මාරු කර තිබේ.

ඒ අනුව FCID යන නාමය තවදුරටත් භාවිත නොවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා අධ්‍යක්ෂවරයා යටතේ එක් අංශයක් ලෙස මෙය ක්‍රියාත්මක වනු ඇත.