FCID ප්‍රධානියා ලෙස සේවය කරන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මහතාගේ සේවය වහාම අවසන් කිරිමට බලධාරීන් තිරණ කර තිබේ ඔහු මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සේවයේ නිරතව සිටින්නේ කොන්ත්‍රාත් පොලිස් නිළධාරියෙක් ලෙසය.
රවි වෛද්‍යාලංකාර මහතා මීට වසර දෙකකට පෙර පොලිස් සේවයෙන් වයස 60 සම්පූණ වී පොලිස් සේවයෙන් විශ්‍රාම ගත්තේය අනතුරුව ඔහුව කොන්ත්‍රාත් සේවකයෙක් ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස සේවයට එක් විය.
ඔහුගේ කොන්ත්‍රත් කාලය ලබන මස අවසන්වීමට නියමිත වි ඇති අතර එජාපයේ ඉල්ලිම වන්නේ තවත් වසර 2ක් ඔහුට සේවය කිරිමට ඉඩ දෙන ලෙසයි
ඔහුගේ සේවය ලබා ගැනිමට සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයාගේ කැමැත්තක් ෙනොමැති බවයි
එසේම පොලිස්පතිවරයාද රවි වෛද්‍යලංකාර තවදුරටත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හෝ පොලිසියේ සේවයට අවශ්‍ය බවට නිර්දේශ කර නොමැති බවට එම ආරංචි මාර්ග සදහන් කරයි.
එසේම අගමැති ආරක්ෂක අංශ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමසිංහ සහ පොලිස් විශේෂ කාර්යය බලකා ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති එම් අාර් ලතීෆ් යන මහත්වරුන්ද මේවන විට පොලිසියේ සේයට කරන්නේ කොන්ත්‍රාත් පදනම මතය.
දම්පත් රණසිංහ