නවතම පුවත්

FORBES සඟරාවේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතුලත්වීම , සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ලැබූ ජයග්‍රහණයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝක ප්‍රසිද්ධ ෆොර්බ්ස් (FORBES ) සඟරාව විසින් , 2023 වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 23 අතරට ශ්‍රී ලංකාව නම් කර තිබේ.

ෆෝබ්ස් සඟරාව , සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ නිර්දේශ මත මෙම ස්ථාන 23 සහිත ලැයිස්තුව සකස් කර ඇත .

ඒ අනුව ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට නිර්දේශ කර ඇත්තේ සම්මානනීය සංචාරක වාර්තාමය චිත්‍රපට නිෂ්පාදකවරියක වන ජුලියානා බ්‍රොස්ටේ විසිනි .

ලොව ප්‍රධාන පෙලේ සංචාරක මාධ්‍යව්දීන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙරටට ගෙන්වා , මෙරට පිලිබඳ අත්දැකීමක් ඔවුනට ලබාදීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ආරම්භ කර ඇති Visiting Blogger වැඩසටහන යටතේ පසුගිය 2022 වසරේදී , ජුලියානා බ්‍රොස්ටේ මෙරටට පැමිණියාය .

එහිදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ පූර්ණ අනුග්‍රහය හා මෙහෙයවීම යටතේ ජුලියානා , මෙරට සංචාරක ආකර්ෂණ රැසකම අත්දැකීම් ලබාගත්තාය.

ෆොර්බ්ස් සඟරාව වෙත ජුලියානා විසින් මෙසේ තම නිර්දේශය ඉදිරිපත්කර ඇත්තේ , එම ශ්‍රී ලංකා සංචාරය අතරතුර තමා ලැබූ අත්දැකීම් පදනම් කරගෙනය .

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ මහතා මෙසේ පැවසීය .

“ෆොර්බ්ස් සඟරාවේ මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුලත්වීම , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි . ඊට හේතුව එම ලැයිස්තුවට ශ්‍රී ලංකාව නිර්දේශ කලේ ජුලියානා බ්‍රොට්සේ වීමයි . වසර හතක පුරා ඇයව මෙරටට ගෙන්වාගැනීමට මා උත්සාහ කළා . අවසානයේ එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඇය 2022 වසරේ අපගේ Visiting Blogger වැඩසටහන යටතේ මෙරටට ගෙන්වාගැනීමට හැකිවුනා . ඇය ෆොර්බ්ස් සඟරාවට ශ්‍රී ලංකාවේ නම නිර්දේශ කලේ , අපගේ Visiting Blogger වැඩසටහන හරහා ලබාගත් අත්දැකීම් ඔස්සේ බව පැහැදිලිවම පැවසිය හැකියි .

එසේම අපගේ කාර්යාංශය මෙවැනි ලෝකප්‍රසිද්ධ හා ජනප්‍රිය සංචාරක සමාජ මාධ්‍යවේදීන් ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම තවදුරටත් ක්‍රියාත්මක කර තිබෙනවා . ඒ හරහා දැනට මෙරටට සමාජ මාධ්‍ය හරහා ඉතාමත් විශාල ප්‍රහාරයක් ලැබී තිබෙනවා . එම වැඩසටහනේ සාර්ථකත්වය , මෙවැනි ජයග්‍රහණ හරහා මැනවින් ඔප්පුවී පෙනෙනවා. “

ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට නිර්දේශ කරමින් ‘ඉහළ උද්ධමනයක් තිබුණත් ශ්‍රී ලංකාව දර්ශනීය සහ සංචාරක ගමනාන්තයක් වනු ඇති’ බව ජුලියානා පෙන්වා දී ඇත.

අනුරාධපුරය, නුවර, අලි අභයභුමිය සහ යාල ජාතික වනෝද්‍යානය සංචාරකයන්ගේ ආකර්ශණය දිනාගත් ස්ථාන බවත් කෙටි දුරක් ගමන් කර නැරඹිය හැකි ස්ථාන රාශියක් ශ්‍රී ලංකාවේ තිබෙන බවත් ඇය පෙන්වා දී ඇත.

ෆොර්බ්ස් සඟරාවේ මේ පිළිබඳව පළවූ ලිපිය

ජුලියානා බ්‍රොස්ටේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ගත ජයාරූපයක්
ජුලියානා බ්‍රොට්සේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ මහතා සමග .
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්