රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා පැය 24ක වැඩ වර්ජනයක නිරතවීමට සැලසුම් කර ඇත.
වැටුප් විෂමතාවන මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරනබවද එම සංගමය පවසයි .
මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් ප්‍රතිකාර ඒකක හා ත්‍රිවිධ හමුදා රෝහල් හැර රජයේ සියලුම රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වේ.