නවතම පුවත්

GSP+ සහනය වෙනුවෙන් , ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

GSP+ සහනය තවදුරටත් ලැබීම මේ වනවිට සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම මත බවත් එම පනත කඩිනමින් සංශෝධනය කළහැකි ආකාරය පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා මේ වනවිට විශේෂඥයින්ගේ කමිටුවක් ද රජය විසින් පත් කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා අනාවරණය කර සිටී .

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය

“දැන් GSP+ සහනය හිමිවීම ඇත්තෙන්ම රඳා පවතින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මතයි. මීට කැබිනට් අනු කමිටුවක් පත් කළා, එම කැබිනට් අනුකමිටුව තවත් විශේෂඥයින්ගේ කමිටුවක් පත්කළා අපට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් කඩිනමින් ගතහැකි ක්‍රියාමාර්ග ගැන අධ්‍යනය කිරීමට. ඇත්ත වශයෙන්ම මීට පෙර යෝජනා වී තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහායි. නමුත් කිසිදු රටක් – මම නැවතත් කියනවා – කිසිදු රටක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් නැතිව පවත්වාගෙන යන්න බැහැ. එනිසා ඒ කටයුතු සිදුකෙරෙමින් පවතිනවා. අපි යුරෝපා සංගම් නියෝජිතයින් පැමිණෙන තුරු බලාපොරොත්තුවෙන් සිටිනවා. අපි බය නැහැ, අපට සඟවන්න දෙයක් නැහැ”

ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්