IDH රෝහලේ ඔබ නොදුටු පැත්ත

Picture of අසංක

අසංක

ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහල් කාර්‍ය මණ්ඩලය මේ දිනවල දිවා රෑ නොබලා සමාජයෙන් ප්‍රතික්ෂේප වෙමින් කරනු ලබන කැපවීම මනාව පෙනෙන මේ ඡායාරූප පෙළ ඔබට ඉදිරිපත් කළ යුතු යැයි අපි සිතනවා.

සියල්ල කැපකරමින් ඔවුන් ජනතාවගෙන් බලාපොරොත්තු වන්නේ සියලුම දෙනා සෙනඟ ගැවසෙන තැන්වලින් බැහැරව සිටින ලෙස පමණයි.

ඔවුන් කරන කැපවීම පිළිබඳ මානුෂීය ලෙස සිතන්නට සැම කෙනෙකුටම හැකි විය යුතුය.

මෙය එම කාර්‍ය මණ්ලයේ සාමාජිකයකු විසින් සමාජ ජාලයක පළ කර තිබූ සටහනකි.

“ජාතික බෝවන රෝග විද්‍යායතනයෙ අපි ….

අපි ගෙවල් වල යන්නෙ නැතුව ඉස්පිරිතාලෙ නැවතිලා ඔබ වෙනුවෙන් වැඩ.

මුළු රෝහල් කාර්ය මණ්ඩලය ම කොරෝනා positive ලෙඩ්ඩු එක්ක.

වෛද්‍යවරුන් හෙද හෙදියන් සුළු සේවක මණ්ඩලය, විනාඩියක්වත් ඇඳන් ඉන්න අමාරු හඳේ යන්න වගේ ඇඳුමක් ඇඳගෙන පැය ගණන් තැම්බි තැම්බි දිවා රෑ නොබලා ලෙඩුන්ට සාත්තු කරනවා.

අනෙක් සේරම කාර්යමණ්ඩලත් තම තමන්ගේ සේවය උපරිමයෙන් ලබා දෙනවා .

අපිට වෙලාවට කන්න වෙලාවට නිදාගන්න නැහැ .ඒත් රෝගීන්ගේ සියලුම අවශතා අපි උපරිමයෙන් සපුරනවා. ඔවුන් ටික ටික හොඳ වෙද්දී අපිට බඩගින්න නිදි මත අමතක වෙනවා.

අපේ කාර්ය කාර්යමණ්ඩලය නෑදෑ හිතවතුන්ගෙන් යාළු මිත්‍රයන්ගෙන් මෙන්ම බෝඩිම්වලින් පවා ප්‍රතික්ෂේප වෙලා.

ඒ ගැන අපිට දුකක් නෑ හැමෝම තමන්ගෙ ජීවිතේට ආදරෙයි .

මේ සියල්ල අපි කරන්නේ කාර්ය මණ්ඩලයට රෝගීන්ට තියෙන අඩුපාඩු ගොඩක් මැද …

හමුදාව ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය ලබාදෙන සේවයත් අති මහත්

අපි හැමෝම ජීවිත අවදානම නොතකා කොරෝනා රෝගීන් බලා ගන්නවා. පුළුවන් වෙන දවසක ගෙදර යනවා .

ඔබ කොහේ රටට ගිහින් ආවත් නිරෝධායන සඳහා ඉදිරිපත් වෙන්න. අපේ රටේ corona රෝගයේ පැතිරීම වළක්වන තියෙන එකම ක්‍රමය ඒක . කිසිම විටක ඔබ කොන් වෙන්නේ නෑ ඒ ගැන බය වෙන්න එපා.

මේ හැම කැප කිරීමක්ම අපි කරන්නෙ රට වෙනුවෙන් .ඔබ හැමෝම වෙනුවෙන් .සෙනඟ ගැවසෙන තැන්වලට නොයා ගෙදරට වෙලා ඉන්න .

අපේ මහන්සිය අපතේ යවන්න එපා.”