නවතම පුවත්

IMF සමග සාකච්ජාවට සියල්ල සූදානම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීම සඳහා මේවනවිට අවශ්‍ය අඩිතාලම දමා ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි . ඔහු කියා සිටියේ පළමු සාකච්ඡාව අනිද්දා දිනයේ ලබාගැනීමට මේවනවිට ඉල්ලීමක් කර ඇති බවය.

ජූලි මාසයේදී ගෙවීමට ඇති අමෙරිකානු ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කර ණය පමණක් නොව සෙසු සියලු විදේශ ණය ප්‍රතිව්‍යුවගත කිරීමේ කටයුතු මේවනවිටත් ආරම්භ කර ඇති බවද මහ බැංකු අධිපතිවරයා පවසයි .

ප්‍රමාණය ඉක්මවා මුදල් අච්චු ගසා ඇති බවත්, වසර දෙකක් පුරා සිදුවූ එම ක්‍රියාවලිය ක්ෂණිකව ආපසු හැරවීමට නොහැකි නමුත් මුදල් අච්චු ගැසීම අවම කිරීම සඳහා දැනටමත් පියවර ගෙන ඇති බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කලෙය .

විවිධ ආයතනවල සහ විවිධ ප්‍රදේශවල මහා පරිමාණ ලෙස මුදල් අච්චු ගැසීම් සිදුවන බවට විවිධ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තාවන්ට ද මහ බැංකු අධිපතිවරයා ප්‍රතිචාර දැක්වුවා

එහිදී ඔහු කියා සිටියේ පිළිගත් ජාත්‍යන්තර ආයතනයක් හරහා පමණක් මුදල් අච්චු ගැසීම සිදුවන බවයි. එසේ නොමැතිව වෙනත් කිසිඳු ආයතනයකින් මුදල් අච්චු ගැසීමක් සිදුනොවන බවද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළා.

රටේ ආර්ථිකය යළි ගොඩනැගීම සදහා නිවැරදි මූල්‍ය ප්‍රතිපත්තියක් මෙන්ම දේශපාලනික සහ ආර්ථික ස්ථාවරත්වය මත තීරණය වන බවයි මහ බැංකු අධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්