අසංක නවරත්න
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයන් 590 දෙනෙකුගේ නම් යෝජනා වී තිබේ.
ප්‍රධාන වෙන්දේසිය පෙබරවාරි මස 12 සහ 13 බැංගලූර් හිදී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා එක්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 23 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ද මේ වනවිට සමාජ මාධ්‍ය හුවමාරු වෙමින් පවතී.
එහි වැඩිම ආරම්භක වෙන්දේසි වටිනාකමක් සහිත ක්‍රීඩකයා ලෙස නම්කර ඇත්තේ ශ්‍රී ලංකා විස්සයි විස්ස සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගය.
ඔහුගේ ආරම්භක වෙන්දේසි වටිනාකම ලෙස සටහන් කර ඇත්තේ ඉන්දියානු රුපියල් ලක්ෂ 100ක් ලෙසටය.
මේ අතර 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ නමද ඇතුලත් වීම විශේෂත්වයකි.