නවතම පුවත්

IS චෝදනාවලින් නිදහස් වූ මන්ත්‍රී බෑණාගෙන් ඕස්ට්‍රේලියානු දේශපාලකයෙක් සමාව ගනී- වන්දියකුත් ගෙවයි

අසංක

අසංක

අයිඑස් සංවිධානයට සහය වන බවට ඕස්ට්‍රේලියාවේදී චෝදනා ලැබ නිදොස් කොට නිදහස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතාගේ බෑණා කෙනෙකු වන මොහොමඩ් නිසාම්ඩීන් විසින් එරට දේශපාලකයකුට එරෙහිව ගොනු කළ අපහාස නඩුව සමථයකට පත් කරගෙන තිබේ.

ඕස්ට්‍රේලියාවේ ජ්‍යේෂ්ඨ දේශපාලකයකු වන මාර්ක් ලැතම් විසින් ට්විටර් සමාජ ජාලය ඔස්සේ තමාට අපහාස වන අයුරින් කිහිපවරක් ප්‍රකාශ මුදාහැරි බවට චෝදනා එල්ල කරමින් නිසාම්ඩීන් සිය අපහාස නඩුව ගොනුකොට තිබුණි.

නිව්සවුත්වේල්ස් පොලීසිය සමග තාක්ෂණීක ව්‍යාපෘති කළ, අධ්‍යාපන අංශයෙන් කීර්තිමත් නමක් දිනා සිටි එරට පශ්චාත් උපාධිධාරියකු වූ 26 හැවිරිදි මොහොමඩ් නිසාම්ඩීන් හිටිහැටියේ එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගැනුණේ ඔහුගේ සටහන් පොතක එරට වැදගත් ස්ථාන හා අගමැතිවරයා ඇතුළු ඉහළ පෙළේ පුද්ගලයන් ඉලක්ක කොටගෙන ත්‍රස්ත ඉලක්ක බවට සැකකෙරෙන සටහන් තිබූ බවට සැකපිට ය.

පසුව හෙළිවූයේ එම සටහන් නිසාම්ඩීන් පෙර භාවිත කොට අත් හැර දැමූ පොතක වෙනත් අයකු විසින් සටහන් කරන ලද ඒවා බවයි.

ඔහු නිදොස් කොට නිදහස් වූ පසුබිමක තවදුරටත් ඔහුට අපහාස වන අන්දමින් ට්විටර් සමාජ ජාලය ඔස්සේ ප්‍රකාශ කිහිපයක් කළ ඕස්ට්‍රේලියානු දේශපාලකයාට මෙලෙස අපහාස නඩු පැවැරීමට නිසාම්ඩීන් පියවර ගත්තේය.

අධිකරණය හමුවේ තමා නිසාම්ඩීන්ට එරෙහිව කළ ප්‍රකාශ පිළිබඳ දේශපාලකයා සමාව ගෙන තිබේ.

නිසාම්ඩීන්ගේ නීතිඥවරයා පැවසුවේ ලැතම් අපහාස වන්දියක් ගෙවීමට හා සිය ප්‍රකාශ පිළිබද එකඟ වූ කරුණු මත මෙය සමථයකට පත්කල බවයි.

නිසාම්ඩීන්ට දේශපාලකයා විසින් ගෙවන වන්දි මුදල පිළිබඳ හෙළි නොකළද නඩු ගාස්තු හා හානිපූරණය වෙනුවෙන් අවම ඩොලර් ලක්ෂයකට අධික මුදලක් ද ඔහුට ගෙවීමට සිදුවනු ඇති බව පැවසේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්