නවතම පුවත්

IS නායකයාගේ පුටුවට ‘මහාචාර්‍යවරයා’ එයි

අසංක

අසංක


අබු බකර් අල් බැග්ඩෑඩිගේ මියයාමෙන් පසුව අයිඑස් නායකත්වයට සදාම් හුසේන්ගේ හමුදාවේ නිලධාරියකු වූ අබ්දුල්ලාහ් කාර්ඩාෂ් හෙවත් ‘මහාචාර්යවරයා’ පත්කෙරෙනු ඇති බවට ආරක්ෂක විශ්ලේෂකයන් අනුමාන කර තිබේ.

ඊට හේතුවී ඇත්තේ ඉතා කෲර, බිහිසුණු පුද්ගලයකු වුවද මොහු අයිඑස් සංවිධානය තුළ ඉහළම තනතුරක් දැරූ හා ඉහළම ගෞරවය ලැබූ ජනප්‍රිය පුද්ගලයකු ලෙස ප්‍රකට වීමය.

අයිසිස් ත්‍රස්ත සංවිධානයෙහි ඉහළම ව්‍යවස්ථාදායකයා සහ ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස සේවය කළ ඔහු ඊට පෙර බැග්ඩෑඩි සමග සිරගත කළ අවධියේදීම බැග්ඩෑඩි සමග සන්ධානගත වී තිබුණේ දැඩි බැදීමක් ද සමගින් බව අතීත වාර්තාවල සදහන් ය.

අයිඑස් සංවිධානයේ පුවත්පත වන අමාක් පවසන්නේ පසුගිය අගෝස්තුවේ සිට එදිනෙදා ත්‍රස්ත මෙහෙයුම් සදහා කණ්ඩායම් යෙදවීම බෑග්ඩැඩි විසින් සම්පූර්ණයෙන්ම භාරදී තිබුණේ කාර්ඩාෂ්ට බවයි.

හජ්ජි අබ්දුල්ලාහ් අල් අෆාරි, අබ්දුල්ලාහ් කාර්ඩාෂ් මෙන්ම මහාචාර්යවරයා යන සෑම නමකින්ම හදුන්වන මොහු ඉපදී ඇත්තේ ඉරාකයේ තල් අෆාර් යන සුන්නි මුස්ලිම් බහුතරයක් සිටින නගරයකයි.

2003 වසරේදී ජනපති බුෂ් ඉරාකය ආක්‍රමණය කිරීමත් සමග එරට හමුදාව ද විසුරුවා හැරිණ. එම කාලයේදී මොහු අල්කයිඩා සංවිධානය සමග සබදකම් පැවැත්වූයේ යන චෝදනාව මත සිරගත කර තිබුණි.

ඔහුට බැග්ඩෑඩි හමුවුණේ එහිදීයි. එහිදී ඔහු අන්තවාදී සංකල්ප කෙරේ නැඹුරු වී ඇති අතර අයිඑස්අයිඑස් හා සබදකම් ආරම්භ කිරීමට එම සිරගත කිරීම මුල්වී තිබුණි.

සිර දඩුවම් අවසන් වීමෙන් පසුව කාර්ඩාෂ් අල්කයිඩා සංවිධානයේ ප්‍රධාන ශරියා විනිශ්චයකාරවරයා මෙන්ම ආගමික කොමිසාර්වරයා ලෙස කටයුතු කළේය.


අල්කයිඩා සංවිධානයෙන් අයිඑස්අයිඑස් වෙනම සංවිධානයක් ලෙස කැඩී ගිය පසුව කාර්ඩාෂ්ගේ සහය හිමිවූයේ බැග්ඩෑඩිට ය. කාර්ඩාෂ් මුලින්ම කළේ බැග්ඩෑඩිගේ අමුතු නායකත්වයට අකමැති පිරිස් කෲර ලෙස ඉවත් කිරීමය. එමගින් ඔහුට අයිඑස් හි පටබැදි මුල් නාමය වූයේ ‘විනාශකරුවා’ ලෙසයි.

පසුව කාර්ඩාෂ් අයිඑස්හි ප්‍රතිපත්ති සම්පාදකයා මෙන්ම ව්‍යවස්ථාදායකයා ද වූයේ ඉතා දැඩි ලෙස ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමේ නීති සකසන, කෲර ආකාරයක් ආරෝපණය කරන ලද ඉස්ලාමී නීති, දඩුවම් සංවිධානය තුළ නීතිගත කරන්නා ලෙසය.

කෙසේවෙතත් පසුගිය අගෝස්තු 7 වැනිදා අමාක් පුවත් මගින් අනාවරණය කර තිබුණේ බැග්ඩෑඩි තමන්ගේ වැඩි අවධානය ආගමික ස්වරූපයක් ගත් කණ්ඩායම් අරමුණු වෙත ලබාදෙනවිට කාර්ඩාෂ් ක්‍රමානූකූලව එදිනෙදා මෙහෙයුම් සියතට ගත් බවයි.

බැග්ඩෑඩිගේ මියයාමත් සමග අයිඑස් ත්‍රස්තයන් මුළුමනින්ම බිදවැටෙනු නැති බවත් ත්‍රස්ත අවදානම තවදුරටත් පවතිනු ඇති බවත් ඇතැමුන් මත පළකර තිබේ. කෙසේවෙතත් බැග්ඩෑඩිගේ මියයාමත් සමග අයිඑස් සංවිධානයේ වැඩබලන නායකයා ලෙස නාමිකව ක්‍රියාකරන්නේ මහාචාර්යවරයා ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්