නවතම පුවත්

LPL කිරුළ B-Love Kandy පළඳියි

අසංක

අසංක

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ශූරතාව -2023 දිනා ගැනීමට B-Love Kandy කණ්ඩායම සමත්විය.

LPL තරග ඉතිහාසේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඉකුත් වසර තුනේම අඛණ්ඩව ජයග්‍රහණය හිමිකරගනිමින් තබා තිබූ වාර්තාව බිඳ හෙළීමට ද බී-ලව් කැන්ඩි කණ්ඩායම ඒ අනුව සමත් විය.

නායක වනිඳු හසරංගගේ අබාධිත තත්ත්වයක් හේතුවෙන් ඔහු විවේක ගන්වා ඒ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයේ යටතේ අවසන් මහා තරගය තරග කළ බී.ලව් කැන්ඩි කණ්ඩායම LPL ශූරතාව තමන් සතු කර ගත්හ.

කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ ඊයේ (20) රාත්‍රි පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල අවුරා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4කට ලකුණු 147ක් ලබා ගත්හ.

වෙනදා ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවන අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 5කට දවා ගැනීමට සමත් වූ බී.ලව් කැන්ඩි පන්දු යවන්නෝ වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා දඹුල්ල අවුරා කණ්ඩායම තබා තිබූ බලාපොරොත්තු සුනු විසුනු කළහ.

එසේ වුවද ධනංජය සිල්වා,සධීර සමරවික්‍රම, කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් ලකුණු අතරට එමින් දඹුල්ල අවුරා කණ්ඩායම ලකුණු 147ක් දක්වා රැගෙන ආහ.

අනතුරුව ජයග්‍රහණය හඹා ගිය බි.ලව් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 20 අවසන්විමට එක් පන්දුවක් ඉතිරිව තිබිය දී කඩුලු 5කින් සිය ජයග්‍රහණය වාර්තා කළහ. බි.ලව් කැන්ඩි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් කමිදු මෙන්ඩිස් හා මොහොමඩ් හාරිස් පිළිවෙලින් ලකුණු 44ක් හා ලකුණු 26ක් ලබා ගත්හ.

දිනේෂ් චන්දිමාල් ලකුණු 24ක් හා ඇන්ජලෝ මැතිව්ස් නොදැවි ලකුණු 25ක් වාර්තාකරමින් බී.ලව් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගියහ.

මෙවර එල්.පි.එල් තරගාවලියේ විරයා සම්මානය වනිඳු හසරංගට හිමි වූ අතර අවසන් මහා තරගයේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිව්ස් දිනා ගත්තේය.

ඒ අනුව කුසල් මෙන්ඩිස් ගේ නායකත්වයෙන් යුතු දඹුල්ල අවුරා කණ්ඩායම එල්.පී.එල් 2023 තරගාවලියේ අනු ශූරතාවයෙන් සෑහීමට පත්විමට සිදුවිය.

මට මේ තරගාවලිය බොහොම සුවිශේෂීයි. පන්දු යැවීමට අමතරව ඉදිරිපෙළ පිතිකරණයේ යෙදෙමින් මෙම තරගාවලියේ දී ලකුණු අතර ඉන්න මට හැකියාව ලැබුණා. ඒ සම්බන්ධයෙන් අපේ ප්‍රධාන පුහුණුකරු මුස්ටාක් අහමඩ් ට ස්තුති විය යුතු යැයි වනිදු හසරංග තරගාවලියේ වීරයා සම්මානය දිනා ගැනීමෙන් අනතුරුව පැවැසීය.

අපි වනිදු වෙනුවෙන් අද තරගය ක්‍රීඩා කළේ. ඔහුට ක්‍රිඩා කරන්න බැරි මේ තරගයේ පන්දුවාර කිහිපයක් යවන්න පුළුවන් ද කියලා ඔහු මගෙන් විමසුවම, වනිදු හා කණ්ඩායම වෙනුවෙන් ඒ වගකීම මම සතුටින් භාරගත්තා. ඉතිං අද තුන් ඉරියව්වෙන්ම මට දස්කම් දක්වන්න ලැබීම ගැනත් සතුටු යැයි අවසන් තරගයට නායකත්වය දෙමින් තරගේ වීරයා සම්මානය දිනාගත් ඇන්ජලෝ මැතිව්ස් පැවසිය.

දඹුල්ල අවුරා 147/4 (20)

බි.ලව් කැන්ඩි 151/5 (19.5)

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්