LTTEයේ හිටපු වෙඩික්කරුවකු හා තවත් අපරාධකරුවකු සොයන්න මහජන සහය පතයි

Picture of අසංක

අසංක

මෙරට තුළ අපරාධ සිදුකොට ඉන්දියාවට ගොස් යළි මෙරටට පැමිණ සිටින අපරාධකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ජනතා සහය පතයි.

මොවුන් දෙදෙනාගෙන් බුම්මා නොහොත් කෙනඩි නමැත්තා එල්ටීටීඊයේ චාල්ස් ඇන්තනි බලකායේ හිටපු වෙඩික්කරුවෙකි.

2019.01.13 වන දින වත්තල පොලිස් වසමේ ශ්‍රී සබරිබිෂන් අයියප්පන් දේවාලය ඉදිරිපිට දී ගිනිඅවි වලින් වෙඩිතබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය සිදු කිරීම සම්බන්ධයෙන් මෙම අපරාධය සැලසුම් කර ඇති බවට විමර්ශන වලින් අනාවරණය වී ඇත.

ඒ අනුව පහත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇත.

අවශ්‍ය කරන සැකකරුවන් 
  1. නම :- බාලචන්ද්‍රන් පුෂ්ප රාජා නොහොත් පුකුඩිකන්නා
    ලිපිනය:- අංක 128/8, ජම්පටා වීදිය කොළඹ 13
  2. නම :- ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා නොහොත් රාජු නොහොත් විජේන්ද්‍රන්
    ලිපිනය:- අංක 131/52, ජම්පටා වීදිය, කොළඹ 13 (අම්මාන් කෝවිල්අඩි, අම්මානගර්, පුන්තෝට්ටන්, වව්නියා.)

මෙම සැකකරුවන් දැනට කොළඹ හා වත්තල ප්‍රදේශවල සැරිසරන බවට විමර්ශනයේදී තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරුවන්ගේ ඡායාරූප මෙහි පල කර ඇති අතර මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකතන අංක වලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

කැළණිය කොට්ඨාස භාර නිලධාරි :- 071-8591589

ස්ථානාධිපති පෑලියගොඩ කොට්ඨාස
අපරාධ විමර්ශන ඒකකය :- 077-7594258