නවතම පුවත්

MAS SILUETA පරදා සණස ඉන්ෂුවරන්ස් වෙත කඩුලු 08ක විශිෂ්ඨ ජයක්.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


වෙළඳසේවා E කාණ්ඩයේ ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් සති අන්තයේ පැවති පළමු තරඟයෙන් MAS SILUETA කණ්ඩායම පරදා සණස ඉන්ෂුවරන්ස් කණ්ඩායමට විශිෂ්ඨ ජයක් අත්විය. තරඟයේ කාසිය වාසිය දිනු සණස ඉන්ෂුවරන්ස් කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කරන ලද අතර MAS SILUETA කණ්ඩායමේ මුල් කඩුලු 03 ලකුණු 14ක් ඇතුලතදී දැවීගිය අතර පන්දුවාර 25ක් අවසානයේ ඵ්ී ීෂඛඹෑඕ කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 124ක් ලබා ගන්නා ලදි.

MAS SILUETA කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිති හරඹයක නිරත වූ විරාජ් රාජපක්ෂ ලකුණු 57ක් ලබාගත් අතර සණස ඉන්ෂුවරන්ස් වෙනුවෙන් පන්දු යැවීමේදී චරිත් ගයාෂාන්ත් කඩුලු 04 ද, දුලාජ් දිල්ශාන් කඩුලු 03ක් දවා ගන්නා ලදි. ලකුණු 124 ඉලක්කය පන්දුවාර 21.3 කඩුලු 02ක් පමණක් දැවී පහසුවෙන් ජය ගැනීමට සණස ඉන්ෂුවරන්ස් සමත් වූ අතර පන්දුවට පහර දීමේදී ආරම්භක පිතිකරුවන් වන පුලස්ති බෙත්මගේ සහ දුලාජ් දිල්ශාන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ අතර පිළිවෙලිත් ලකුණු 43 හා ලකුණු 49 ලබා ගත්හ. සිය තුන් ඉරියව් දක්ෂතා නිසා දුලාජ් දිල්ශාන් තරඟයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම තරඟයේ තිබෙන විශේෂත්වය වන්නේ ප්‍රථම වතාවට මෙම තරඟාවලිය සඳහා සහභාගී වන සණස ඉන්ෂුවරන්ස් කණ්ඩායම ප්‍රථම තරඟයෙන්ම විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්විමයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා සණස ඉන්ෂුවරන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඔහු අදහස් දක්වමින් පවසා සිටියේ “ඉතා දක්ෂතා වලින් සැදුම්ලත් කණ්ඩායමක් අප සතුව සිටින අතර ඉදිරි තරඟ වලදී අනෙකුත් කණ්ඩායම් වලට ප්‍රබල තරඟයක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි” යනුවෙනි.

තරඟ සාරාංශය
MAS SILUETA කණ්ඩායම – 124/8 (පන්දුවාර 25)
■ විරාජ් රාජපක්ෂ – 57
■ චරිත් ගයාෂාන්ත් – කඩුලු 04
■ දුලාජ් දිල්ශාන් – කඩුලු 03
සණස ඉන්ෂුවරන්ස් ඉන්ෂුවරන්ස් කණ්ඩායම – 129/2 (පන්දුවාර 21.3)
■ දුලාජ් දිල්ශාන් – 49
■ පුලස්ති බෙත්මගේ – 43

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා