නවතම පුවත්

රටේ දරු උපත් -විවාහ අඩුවී මරණ ඉහළ ගිහින්

අසංක

අසංක

(දම්පත් රණසිංහ)

අපේ රටේ උපත් ප්‍රමාණය අඩුවීමෙන් පාසල්වලට අවුරුදු 05 සම්පූර්ණ කළ දරුවන් ඇතුලත් කිරීම් 50,000කින් අඩුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සිසුල් ප්‍රේමජයන්ත මහතා පවසන්නට වූයේ අධ්‍යාපන වැය ශීර්ෂයට අදාල විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විටදීය.

මෙම ප්‍රකාශය තුළින් ඔහු කියා පාන්නට වූයේ අපේ රටේ දරු උපත් අඩුුවීම හේතුවෙන් දැන් පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුලත්වීම් 50,000කින් අඩුවී ඇති බවකි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළ ආකාරයට අනුව 10 වසරකට පෙර අපේ රටේ 340,000ක් පමණ දරු උපත් සිදුවූවත් දැන් සිදුවන්නේ 292,000ක් පමණි. පාසල් වලට දරුවන් අඩුවීම ගැන ඔහු කරුණු දක්වන්නට වූයේ එකී දස වසරක සංඛ්‍යා දත්තයක් උපුටා දක්වමිනි.

ඇමතිවරයා කී මෙම ප්‍රකාශයේ ඇත්ත නැත්ත සොයා පාසල්වල වාර්ෂිකව අධ්‍යාපනය ලබන දරුවන්ගේ සංඛ්‍යාව මෙන්ම වාර්ෂික දරු උපත් සම්බන්ධයෙන් දත්තයන් සොයා ද කල්ම්බෝ එක්ස්ප්‍රස් කණ්ඩායම යම් වෙහෙසක නිරත විය. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යාදත්ත මෙන්ම ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන්ද ඉවහල්කර ගැනීමට අපට හැකිවූයෙමු.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා දත්තයන්ට අනුව 2000 වසරේ අපේ රටේ උපත් ප්‍රමාණය 347,749කි. එම උපත් සංඛ්‍යාව 275,321ක් දක්වා 72,428කින් 2022 වසරවන විට අඩුවී ඇත්තේ වසර 23ක් තුළය.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව 2000 වසරේ සිට 2007 වසර දක්වා වසර 07ක කාලය තුළ සිදුව ඇත්තේ උපත් සංඛ්‍යාවේ වර්ධනයකි. 2007 වසරේ සිදුව ඇති සමස්ත උපත් සංඛ්‍යාව 386,573කි. උපත් සංඛ්‍යාෙව් අඩුවීමක් වාර්තා වන්නේ එතැන් සිටය. උපත් සංඛ්‍යාව ලක්ෂ 03 සිට ලක්ෂ 02සීමාවට එන්නේ 2021 වසරේදීය. ඒ 284,848ක් ලෙසිනි.

මෙසේ උපත් අනුපාතය අඩුවූවට අපේ රටේ මරණ අනුපාතය නම් අඩුවන්නේ නැත. 2000 වසරේ මරණ 116,200ක් වාර්තාවන විට 23 වසරකට පසු එනම් 2022 වසරේ මරණ සංඛ්‍යාව 179,792ක් දක්වා ඉහළ ගොස් ඇත.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව උපත් අනුපාතය අඩුවීම මරණ අනුපාතය වැඩිවීම වගේම වාර්ෂිත විවහා අනුපාතයද මේ වන විට ඇත්තේ ක්‍රමික අඩුවීමකි. 2000 වසරේදී විවහාවීම් 194,217ක් වාර්තා වී ඇතත් වසර 23කට පසු එනම් 2022 වසර වන විට රටේ විවහාවීම් වාර්තා වී ඇති ගණන 171,140කි. මෙම සංඛයා දත්තයන්ට අනුව 2000 වසරට සාපේක්ෂව 2022 වසර තුළ විවාහ වීම් 23,077කින් අඩුවී තිබෙන බව පෙන්නුම් කරයි.

වාර්ෂිත දරු උපත් අඩුවීමට මෙයත් බලපාන එක් සාදකයක් විය හැකි බව අනුමාන කළ හැකිය.

එසේම අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා දත්තයන්ට අනුව 2002වසරේ මෙරට දරුවන් අධ්‍යාපනය ලබන රජයේ පාසල් තිබී ඇත්තේ 9826ක් පමණි. එම පාසල්තුළ අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් ගණන සඳහන් වන්නේ 4,026,233ක් ලෙසිණි. 2003 වසරේදී තවදුරටත් දරුවන් අධ්‍යාපනය ලබන පාසල් ගණන සඳහන් වන්නේ 9790ක් ලෙසිණි. ඒතුළින් කියා පාන්නේ පාසල් 36ක් එම ගෙවී ගිය වසර තුළ වැසී ගොස් ඇති බවය. එසේ පාසල් වැසී යන්නේ දරුවන් නොමැතිකම හේතුවෙනි.

2003 වසරේ පැවති පාසල්වල අධ්‍යාපනය ලැබූ දරුවන් ගණනද තරමක් අඩුවී තිබේ. එම ගණන 3,941,685දෙනෙකි. 2005 වසරේ පාසල් 9727ක් රටතුළ දරුවන් අධ්‍යාපනය ලබා ඇත. එම පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටි දරුවන් ගණන 3,942412දෙනෙකි.

2006 වසරේ පාසල් 9714ක් වශයෙන් රජයේ පාසල් ප්‍රමාණය තවත් අඩුවී ඇති අතර එම පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටි දරුවන්ගේ ගණන සඳහන් වනුයේ 3,836,,550ක් ලෙසිණි. 2007 වසරේදී රටේ සක්‍රීයව පැවති පාසල් ගණන 9678කි. එම වසර වන විට වැසී ගිය පාසල් ප්‍රමාණය තවදුරටත් අඩුවූවත් අධ්‍යාපනය ලැබූ දරුවන් ගණන ඉහළ ගොස් ඇත්තේ 3,942,327ක් ලෙසිණි.

2008 වසර වන විට රටේ දරුවන් අධ්‍යාපනය ලබන රජයේ පාසල් පවතින්නේ 9662කි. 2002 වසර හා සාපේක්ෂව සැසදීමේදී පෙනී යන්නේ 2008 වසරවන විට රජයේ පාසල් 164ක් වැසී ගොස් ඇති බවය. ඒ වසර 07ක් වැනි කෙටි කාලයක් තුලදීය. 2008 වසරේ රජයේ පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටි දරුවන්ගේ සංඛ්‍යාව අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා දත්ත්යන්ට අනුව 3,929,232කි.

මේ තත්ත්වය වසර 07ක් යන විට වෙනස් වීමකට ලක්වන්නේ වැසී ගිය පාසල් ප්‍රමාණය නැවත විවෘත වෙමින් සහ යුද්ධය හේතුවෙන් වැසී ගිය පාසල් නැවත ආරම්භ වීම හේතුවෙනි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා දත්තයන්ට අනුව 2015 වසරේ මෙරට රජයේ පාසල් 10,144ක් පැවති අතර එම පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටි දරුවන් ගණණන 4,129,534දෙනෙකි.

2016 වසර වන විට පාසල් සංඛ්‍යාව 10,162 දක්වා ඉහළ යන අතර එම වසරේ එම පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් ගණන වාර්තා වන්නේ 4,143,330ක් ලෙසිණි. 2017 වසරේ තවදුරටත් පාසල් සංඛ්‍යාව 10,194 දක්වා ඉහළ යන අතර එම පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන් ගණන සඳහන් වන්නේ 4,165,964ක් ලෙසය.

නැවතත් රජයේ පාසල් ගණනේ අඩුවීමක් වාර්තා වන්නේ 2018 වසරේ සිටය. එම වසරේ පැවති පාසල් ගණන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්තයන්වල සඳහන් වන්නේ 10,175කි. සංඛ්‍යා දත්තයන්ට අනුව රජයේ පාසල්වල මෙතෙක් ඉතිහාසයෙය් වැඩිම දරුවන් පිරිසක් අධ්‍යාපනය ලබා ඇත්තේද මෙම වසර තුළය. එම ගණන 4,214,772දෙනෙකි. රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන්ගේ අඩුවීමක් වාර්තා වන්නේ නම් ඒ 2018 වසරින් පසුවය.

සංඛ්‍යා දත්තයන්ට අනුව 2019 වසරේ පැවති රජයේ පාසල් ගණන 10,165කි. එම වසරේ පාසල් අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් ගණන 4,061,653 දෙනෙකි. 2020 වසරේ රටේ සක්‍රීයව පැවති රජයේ පාසල් ගණන සඳහන් වන්නේ 10,154ක් ලෙසිණි. එම පාසල්වල 2020 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුන්ගේ ගණන 4,063,685 දෙනෙකි. 2021 වසරේ දත්තයන්ට අනුව එම වසරේ මෙරට පැවති රජයේ පාසල් ගණන සඳහන් වන්නේ 10,146 ලෙසිණි. එම පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටි දරුවන්ගේ ගණන 4,048,937දෙනෙකි.

රටේ උපත් අනුපාතය අඩුවීමක් පෙන්නුම් කළද එය රජයේ පාසල් වල පළමු ශ්‍රේණියට ඇතුළත්වන දරුවන්ගේ අඩුවැඩිවීම්වලට විශාල වශයෙන් බලපෑමක් කර තිබේදැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා දක්ත විශ්ලේෂණයේදී පෙනී යන කරුණකි.

රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන්ගේ ප්‍රමාණය කාලයෙන් කාලයට අඩුවැඩි වූවත් මේ වන විට හතු පිපෙන්නාක් මෙන් රටපුරාම බිහිවී ඇති ජාත්‍යන්තර පාසල් සහ අර්ධ රාජ්‍ය පාසල් ප්‍රමාණය හෝ එහි ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව මෙම දත්තයන්ට ඇතුලත්ව නැත. ජාත්‍යන්තර පාසල්වලට ලොකු ඉල්ලුමක් මෙරට තුළ ඇතිවන්නේ මෙම දසකය තුළය.

ඇතැම් ජාත්‍යන්තර පාසල්වලට මුදල් ගෙවා පවා දරුවන් ඇතුලත්කර ගැනීමට නොහැකි තරමට ඇත්තේ ලොකු තරගයකි. රජයේ පාසල්වල සිසු සංඛ්‍යාවේ අඩු වනවිට ජාත්‍යන්තර පාසල්වල සිසුන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් මේ වන විට නිරීක්ෂණය වන කරුණකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්