MCC ගිවිසුමට අත්සන් තැබීම වළකන්න අතුරු තහනමක් ඉල්ලයි

Picture of අසංක

අසංක

ආන්දෝලනාත්මක MCC ගිවිසුම අත්සන් කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන 13 වැනිදා සිදුකෙරේ.

ඒ අගවිනිසුරුවරයා පත්කරන ලද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

විනිසුරු මඩුල්ලේ සභාපතිත්වයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහරේ මහතා පත්කර ඇත.

එල්.ටී.බී දෙහිදෙණිය, මූර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන් එහි සාමාජිකත්වය දරයි.