OIC මාරුකළැයි කල්පිටිය පොලීසිය ඉදිරිපිට ගම්වැසියෝ උපවාසයේ

Picture of අසංක

අසංක

කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර මහතාට ස්ථාන මාරුවීමක් ලබාදීමට එරෙහිව විරෝධතා දක්වමින් ප්‍රදේශයේ ආගමික නායකයින්ගේ නායකත්වයෙන් පොලීසිය ඉදිරිපිට ගම්වැසියන් විසින් උපවාසයක් ආරම්භකර තිබේ.

කල්පිටිය කන්දකුලිය විහාරස්ථානයේ විහාරාධිපති බැදිවැව දියසේන හිමි, නිර්මලමාතා කතෝලික දේවස්ථානයේ පියතුමන් ඇතුළු ප්‍රදේශයේ ආගමික නායකයින්ද ප්‍රමුඛ ගම්වැසියන් පිරිසක් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල රැස්වී එතැන් සිට ඊයේ පොලිස් ස්ථානය දක්වා විරෝධතා පාගමනක්ද පවත්වා ඇත.

මෙහිදී පොලිස් ස්ථානය අසල අට්ටාලයක් ඉදිකර බැදිවැවේ දියසේන හිමියන් ඇතුළු 05 දෙනෙක් උපවාසයක්ද මේ වන විට ආරම්භකර තිබේ.