Online ක්‍රම හරහා මත්පැන් අලෙවියට අවසර නැහැ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මාර්ග ගත ක්‍රමය (online ) ඉස්සෙ  මත්පැන් අලෙවිය සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කර සිටී .
යුද හමුදාපතිවරයා මාධ්‍ය වෙත අද  පැවසුවේ, කොවිඩ් -19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි

මේ අතර සුරාබදු මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ මේ පිළිබඳව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් අනුමැතිය ඉල්ලා ලිපියක් යොමු කළ බවය.

ඒ අදාළ තීරණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලැබීමෙන් අනතුරුවය

කෙසේ වෙතත් යුද හමුදාපතිවරයාගේ අනුමැතිය ඊට නොලැබුණු බව කපිල කුමාරසිංහ මහතා ද සඳහන් කළේ ය.