PHI වෙසින් ගොස් මුදල් වංචා කළ අයකු අල්ලයි

Picture of අසංක

අසංක

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ලෙස පෙනී සිටිමින් රක්ඹුක්න නරයේ වෙළඳ සැල්වලට නැති වැරදි පෙන්වමින් මුදල් ලබාගනිමින් සිටි පුද්ගලයෙකුව වෙළඳ සැල් සේවකයින් විසින් අල්ලා රඹුක්කන පොලීසියට භාරදී තිබේ.

මෙම පුද්ගලයා වයස අවුරුදු 29ක් වන අරණායක දික්පිටියේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා පුරුද්දක් ලෙස විවිධ ප්‍රදේශවල වෙළඳ සැල්වලට ගොස් මුදල් ලබාගැනීම්වල නිරතව සිටින බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.