STF විශේෂ ඒකකයක් නිරෝධායන මෙහෙයුම් අරඹයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පොලිස් විශේෂ කාර්ය බලකායේ රසායනික, ජීව විද්‍යාත්මක , විකිරණ හා න්‍යෂ්ටික ආරක්ෂක ඒකකය කෝවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සදහා කෙරන මෙහෙයුම් සදහා එක්ව තිබේ.

ඉතාලිය , කොරියාව වැනි රටවලින් පැමිණ නිරෝධායන කටයුතු සදහා සහභාගි නොවී සැගවී සිටින සහ නීරෝධානයන මධ්‍යස්ථාන වලින් පළාවිත් සිටින පුද්ගලියින් සොයා සෞඛ්‍ය අංශ සමග කෙරෙන මෙහෙවුම් සදහා ඝෘජුවම මෙම ඒකකයේ නිලධාරීන් සම්බන්ධවනු ඇත.

මෙම ඒකකය ක්‍රියාත්මක වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු යටතේ බව ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා සදහන් කළේය.