නවතම පුවත්

Textrip සමාගම CNCI හා NCE සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

Elasto සමූහයට අයත් Textrip පෙෳද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCIසංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සහ ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ ජාතික අපනයන විශිෂ්ටතා සම්මාන උළෙලවලදී සම්මාන තුනකින් පිදුම් ලැබීය. රබර් ආශ්‍රිත ව්‍යායාම උපකරණ නිෂ්පාදනය සහ අපනයනය කරන Textrip සමාගම CNCI සම්මාන උළෙලේදී කර්මාන්ත අංශයේ (මහා පරිමාණ) ජාතික මට්ටමේ රිදී සම්මානය සහ පළාත් මට්ටමේ රන් සම්මානය දිනා ගත් අතර NCE සම්මාන උළෙලේදී රබර් හා රබර් නිෂ්පාදන අංශයේ (මහා පරිමාණ) රිදී සම්මානය දිනා ගත්තේය. සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී පී. ඒ. නන්දසේන මහතා සහ නියෝජ්‍ය මෙහෙයුම් නිලධාරිනී ඉන්දිරා සේනාරත්න මහත්මිය වෙත මෙම සම්මාන පිරිනමන ලදී.

ඉංජිනේරු ඩොනල්ඩ් ගුණසේකර සහ විල්සන් ගුණසේකර යන ව්‍යාපාරිකයන් දෙදෙනා 1947දී Elasto සමූහය බෙන්තොටදී ඇරඹූහ. එය වර්තමානයේදී මංගල ගුණසේකර මහතාගේ විශිෂ්ට මග පෙන්වීම යටතේ රටවල් රැසකට නිෂ්පාදන අපනයනය කරන ප්‍රධාන පෙළේ සමාගමක් බවට පත් වී තිබේ. ඊට අනුබද්ධිත Textrip සමාගම 1978දී ස්ථාපිත කෙරුණු අතර එය වර්තමානයේදී පුළුල් පරාසයක විහිදී ඇති කල් පැවැත්මෙන් සහ සුවපහසු බවින් සපිරි නිෂ්පාදන රැසක් ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කරයි. Therapeutic Exercise Strips, Resistance Bands, Fitness Toners, Texstretch Tubes, O-rings, Cuffs, Posture Supporter Butterfly, Stretchers, Ankle Weights, Hammer Throw, Several Types of Trainers, Reaction Balls, Rowing Tubes, Body Harness, Exercise Bars, Punching Bags, Hospital and Baby Cot Sheets, Dental Dams, Coated Fabrics, Gym Packs and Multiple Types of Bags එම සමාගමේ නිෂ්පාදන අතර වේ. මීට පෙරද සම්මාන රැසකින් පිදුම් ලබා ඇති  Textrip සමාගම ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018, ISO 14065 GHG 001-01, Certificate of Conformity on Ethical Trading සහ දෙස් විදෙස් ප්‍රමිති සහතික රැසක් හිමි කර ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්