නවතම පුවත්

Uber ශ්‍රී ලංකාව තුළ සිය 5 වැනි සංවත්සරය සමරයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

Uber සේවාවන් ශ්‍රී ලංකාවට හඳුන්වා දී අද දිනට වසර 5 ක් සම්පූර්ණ වේ. මෙම කාලය තුළ මගීන් මිලියන 1.8 කට ප්‍රවාහන සේවා සලසමින් ගමන් වාර මිලියන 53 ක් සම්පූර්ණ කර ඇති Uber, රියදුරන් 110,000 කට අධික පිරිසකට ජීවනෝපාය මාර්ගයක් නිර්මාණය කර දී තිබේ.

2015 සිටම Uber මෙරට ජනතාවට පහසු, ලාභදායී හා කාර්යක්ෂම ප්‍රවාහන විසඳුම් පිරිනමා ඇත. 2019 වසරේදී මෙරට ප්‍රථම වරට යතුරුපැදි සේවාවක්ද හඳුන්වා දීමට Uber කටයුතු කළේ ය. මෙය සුළු ගාස්තුවක් යටතේ කෙටිදුර ගමන් යාම සඳහා ඇති අගනා විසඳුමකි.

Uber පස් වසරක ගමන්මග සමබන්ධයෙන් අදහස් දක්වමින් එහි ශ්‍රී ලංකා ප්‍රධානී සුබෝධ් සංග්වාන් මහතා මෙසේ පැවසී ය. “නවෝත්පාදන ඔස්සේ ශ්‍රී ලංකාවේ අපගේ ව්‍යාපාර කටයුතු තවතවත් දියුණු කිරීමට අප නිරන්තරයෙන් කටයුතු කරනවා. ජනතාව නව ජීවන රටාවකට හුරුවෙමින් සිටින මේ මොහොතේ, තාක්ෂණය ඔස්සේ රටට පෙරටත් වඩා ශක්තිමත්ව නැගී සිටීමට අත්වැලක් වෙමින්, අප සමග සම්බන්ධ වී සිටින රියදුරන්ට සිය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සලසමින් අඛණ්ඩව ඉදිරියට යාම අපගේ ඉලක්කයයි.”

COVID-19 රෝග ව්‍යාප්තිය පවතින කාලසීමාව තුළ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවක සේවිකාවන්ට ප්‍රවාහන පහසුකම් සලසන Uber Medic සේවාව වැනි නවතම සේවාවන් රැසක් මෙරටට හඳුන්වා දීමට Uber කටයුතු කර තිබේ. Uber Medic සේවාව යටතේ මෙරට සුව විරුවන්ට රු. මිලියන 8.5 ක පමණ වටිනාකමකින් යුත් ප්‍රවාහන සේවාවන් නොමිලේ ලබාදෙන ලදි.

එමෙන්ම මගීන්ගේ ආරක්ෂාව උදෙසා තාක්ෂණය මූලික කරගත් ආරක්ෂක විධිවිධාන එකතුවක් හඳුන්වා දීමටද Uber කටයුතු කළේ ය. මීට මාර්ගගත ආකාරයට සම්පූර්ණ කළ හැකි පිරික්සුම් ලැයිස්තුවක්, මගීන් සහ රියදුරන් මුහුණු ආවරණ පැළඳ සිටීම අනිවාර්ය කිරීම, ක්ෂේත්‍රයේ ප්‍රථම වරට රියදුරන් මුහුණු ආවරණ පැළඳ සිටින බවට සෙල්ෆි ඡායාරූප මගින් තහවුරු කිරීමේ ක්‍රමයක් සහ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් රියදුරන්ට අනිවාර්ය පුහුණුවක් ලබාදීම ආදිය ඇතුළත් විය. එමෙන්ම ආරක්ෂාව පිළිබඳව සැකයක් ඇතිවූ අවස්ථාවකදී මගීන්ට හෝ රියදුරන්ට ගමන් වාරය අවලංගු කිරීමට හැකිවන ආකාරයට, අවලංගු කිරීම් සම්බන්ධ ප්‍රතිපත්තිය යාවත්කාලීන කරන ලදි.

සේවා අංකය නැවත හඳුන්වා දීමටද Uber පියවර ගෙන තිබේ. මෙමගින් ගමන් කාලය තුළ සහ ගමන් වාරය නිමා වී පැයක කාලයක් ඇතුළත, හදිසි අවස්ථා නොවන සිදුවීම්, එනම් රියදුරා සමග ඇතිවන මතභේදයක් හෝ රථයේ දෝෂයක් ආදිය වාර්තා කිරීමට හැකි වේ. මෙය ක්‍රියාත්මක වන්නේ දැනට Safety Toolkit යටතේ ලබාදී ඇති SOS බොත්තමට අමතරව ය.

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ කුලී ගමන් සේවාව හඳුන්වා දුන් ප්‍රථම Ridesharing සමාගම වූයේද Uber සමාගමයි. පැය 24 පුරා ක්‍රියාත්මක මෙම සේවාව මගින් සහනදායී මිලකට, පැය කිහිපයක් සඳහා, නැවතුම් කිහිපයක් සහිත ගමන් සේවා ලබාගත හැකි වේ.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි