නවතම පුවත්

යුරෝපා සංගමයෙන් ශ‍්‍රී ලංකාවට යුරෝ මිලියන 35කට අධික ආධාර මුදලක්.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශී‍්‍ර ලංකාවේ අධිකරණ ක්‍ෂේත‍්‍රයට සහායවීම, ආහාර සුරක්‍ෂිතතාව වර්ධනය හා දේශගුණික විපර්යාස අවම කිරීමේ  වැඩපිළිවෙලවල් සඳහා  සහායදීම වෙනුවෙන් යුරෝ මිලියන 35.75 ක ආධාර මුදල් මෙරටට පිරිනැමීමට යුරෝපා සංගමය කටයුතු යොදා ඇත .

මේ  සදහා වන ගිවිසුම් 3 ක් අත්සන් කිරීම පසුගියදා ,මහාභාණ්ඩගාර ලේකම් එස් ආර් ආටිගල මහතා  සහ මෙරට යුරෝපා සංගම් දුත මණ්ඩල තානාපති ඩෙනිෂ් ෂයිබි මහතා විසින් සිදුකෙරිණ  .

ඒ අනුව අදාළ ගිවිසුම් හරහා මෙරටට පිරිනැමෙන ආධාර ප‍්‍රමාණය ශී‍්‍ර ලංකා මුදලින් රුපියල් බිලියන 8.26 ක් වන බවයි කොළඹ පිහිටි යුරෝපා සංගමයේ තානාපති කාර්යාලය සදහන් කළේ.

මෙම ගිවිසුම් ති‍්‍රත්වය හරහා ලැබෙන මුදල් අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, හරිතාගාර වායුවිමෝචනය අවම කිරීම, ආහාර සුරක්‍ෂිතතාව දියුණු කිරීමට සහ උසස් තත්ත්වයෙන් යුතු අපනයන භාණ්ඩ නිපදවීමේ ශී‍්‍ර ලංකා රජයේ වැඩපිළිවෙලට ශක්තියක් වනු ඇති බවද  මෙරට යුරෝපා සංගම් දුත මණ්ඩල තානාපතිවරයා  සදහන් කළේය .

ඒ යටතේ අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ වැඩසටහන වෙනුවෙන් ලබාදෙන මුදල යුරෝ මිලියන 18 හෙවත් රුපියල් බිලියන 4.16 ක් වේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්