WHO වෙත දෙන අරමුදල් නවතන්න ට්‍රම්ප්ගෙන් නියෝග

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන අමෙරිකානු අරමුදල් නවතා දමන ලෙස එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එරට පාලනාධිකාරියට උපදෙස් දී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය COVID-19 වෛරසය ව්‍යාප්තියේදී මුලික රාජකාරී කිරීමටද අසමත් වූ බවට චෝදනා කරමින් ට්‍රම්ප් විසින් මෙලෙස එම සංවිධානය සඳහා වන ඇමෙරිකානු මූල්‍යාධාර ලබාදීම අත්හිටුවීමට පියවර ගෙන ඇත .

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවද ජනපති ට්‍රම්ප් පසුගිය සතියේ ජාත්‍යන්තර මාධ්‍ය හරහා චෝදනා කළේය .