ලිට්රෝ සමාගමේ සභාපතිධූරයෙන් අද පෙරවරුවේ ඉවත්කළ තෙසාර ජයසිංහ මහතා මේ වනවිට නැවතවරක් එම ධූරයේ පිහිටුවා ඇති බව වාර්තාවේ .
මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා ඔහු ඉවත් කිරීමේ ලිය අද පෙරවරුවේ යවා ඇතත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලිට්රෝ ගෑස් පරියන්තය පරීක්ෂා කිරීමෙන් පසු හිටපු සභාපති තෙසාර ජයසිංහ යළි එම තනතුරේ පිහිටුවන්නැයි උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව සභාපතිධූරයෙන් ඉවත්කර පැය කීපයකට පසු ඔහුව යළි එම ධූරයේපිහිටුවා ඇත .
තෙසාර ඉවත් කිරීමෙන් පසු හිස් වූ තනතුරට නිවාස සංකීර්ණයේ හිටපු සභාපති රේණුක පෙරේරා පත් කළ බවට දැනුම් දී තිබුණි.