නවතම පුවත්

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට තෙල් නල මාර්ගයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය සහ කොළඹ යා කරමින් බහුවිධ තෙල් නල මාර්ගයක් සඳහා ඉන්දියානු රජය විසින් IOC සමාගම හරහා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, ඉන්දියානු බලශක්ති සතියට සමගාමීය පෙබරවාරි 07 වන දින ඉන්දියන් ඔයිල් සමාගම සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

ඒ සඳහා IOC, LIOC, CPC, PDASL යන ආයතනවල සභාපතිවරුන් එක් වී තිබේ.

මේ සම්බන්ධ යාන්ත්‍රණය තීරණය කිරීම සඳහා තාක්ෂණික අධ්‍යයන, ඉල්ලුම වෙළඳපල විශ්ලේෂණය, මූල්‍ය විශ්ලේෂණය සහ ව්‍යාපාර ආකෘතිපැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ත්‍රිකුණාමලයේ ටෑන්ක් ෆාම්, Ceylon Petroleum Storage Terminals Limited (CPSTL) සහ ලංකා IOC සිල්ලර මෙහෙයුම් ඒකාබද්ධ ව්‍යාපාරය යටතේ ආයෝජන සහ ව්‍යාපෘති පුළුල් කිරීම පිළිබඳව ද සාකච්ඡා කළ බවයි.

tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!
image-9
හොඳ රටක් අපට දුන්න නම් ණය ගන්න වෙන්නෑ..- නලින්ද
image-8
පාරවල් හැදීම ආර්ථික වර්ධනයට ඉතා වැදගත්..- ජනපති
image-7
දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් අරගෙන!
IMAGE-1
Ceylon Energy හාHJT China එක් වී SESRIPව්‍යාපෘතිය යටතේ දියත් කළ මහව හා අම්පාර කිලෝ වෝල්ට් 33ක විදුලි බෙදා හැරීමේ පද්ධතිය සාර්ථකව අවසන් කරයි
image-5
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව (ICC Sri Lanka ) තවත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
image-4
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් .
image-3
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා නිර්මාණයක්- උඩරට දුම්රිය ගමනද සීමාකෙරේ !
image-1
ප්‍රබල අකුණු තත්වයක් !
image
IMF ගිවිසුම වෙනස්කලේ නැහැ - රජය පිළිගනී !