විදෙස් සංචාරකයින් ලක්‍ෂ 20ක් ශ්‍රී ලංකාවට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2026 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි 20 ලක්ෂ වැනි විදේශීය සංචාරකයා අද (20) පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියේය.

රුසියානු ජාතිකයෙකු වන මෙම සංචාරකයා සිය පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු ද සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි. මෙරටට පැමිණි සංචාරකයින් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 537,016කි. රුසියාව, ජර්මනිය, බ්‍රිතාන්‍යය, චීනය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව ආදී රටවලින් මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ ඇතැයිද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

2025 වසරේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව විසිතුන්ලක්ෂ හැටදෙදාස් පන්සීය විසි එකකි.